පොලිසිය මුදලට නවන්න ගිය රාගම කත වැඩ වරද්දාගත් හැටි මෙන්න ! - VIDEO - | Colombocall පොලිසිය මුදලට නවන්න ගිය රාගම කත වැඩ වරද්දාගත් හැටි මෙන්න ! - VIDEO - - Colombocall

Hot News

පොලිසිය මුදලට නවන්න ගිය රාගම කත වැඩ වරද්දාගත් හැටි මෙන්න ! - VIDEO -





රියදුරු බලපත්‍ර නොමැතිව යතුරු පැදිය දාවනය කොට පොලීසියට හසු වූ පසු පගාව දීමට සැරසෙද්දී පොලිසිය එයට විරෝධය දැක්වූ පසුව ඔවුන්ට බන වදින කාන්තාවක් පිලිබඳ වීඩියෝව සමාජ මාධ්‍ය තුල කතා බහට ලක් කෙරෙනවා.

අද ( 03 ) දහවල් කාලයේදී රාගම ගුවන් පාලම අසලදී මෙම කාන්තාව පදවමින් සිටි යතුරු පැදිය පොලිස් නිලධාරින් විසින් නවත්වා තිබෙනවා. එහිදී ඇයගේ රියදුරු බලපත්‍ර පරික්ෂා කිරීමේදී රියදුරු බලපත්‍ර නොමතිව යතුරු පැදිය ධාවනය කොට ඇති  බව පවසා ඒ වෙනුවට පොලිස් නිලධාරින් වෙත මුදලක් දීමට සැරසීමේදී පොලිස් නිලධාරින් එය ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

එයින් කෝපයට පත් මෙම කාන්තාව පොලිස් නිලධාරින් වෙත බැන වැදී තිබෙන අයුරු වීඩියෝව තුලින් දැකගත හැකිවනවා. සිද්ධිය දුටු අසල සිටි මගින් එම කාන්තාව කල ක්‍රියාව අශෝබන බවත් එයට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්නා ලෙස පොලිසියෙන් ඉල්ලා සිටිනවා.

කාන්තාවක් ලෙස ඇයගේ හැසිරීම ඉතා අශෝබන බවයි ඔවුන් පවසා සිටින්නේ.

එම වීඩියෝව පහතින්..