යෞවන සම්මාන උළෙලේදී "දුමින්ද" සහ "ගම්මන්පිල" පච කරපු කොන්ද පණ තියන කොල්ලො ! -VIDEO- | Colombocall යෞවන සම්මාන උළෙලේදී "දුමින්ද" සහ "ගම්මන්පිල" පච කරපු කොන්ද පණ තියන කොල්ලො ! -VIDEO- - Colombocall

Hot News

යෞවන සම්මාන උළෙලේදී "දුමින්ද" සහ "ගම්මන්පිල" පච කරපු කොන්ද පණ තියන කොල්ලො ! -VIDEO-










යෞවන සම්මාන උළෙලී දී ඇමති වරුන් දෙදෙනකුට ඉතා ලැජ්ජා සහගත සිදුවීමක් සිදු වී තිබෙනවා. එනම් සම්මාන ප්‍රදානය සිදු වෙන අවස්ථාවේ "උදය ගම්මන්පිල" අත තිබූ සම්මානය  "සුරින් චාමර" ,  උදය ගම්මන්පිලගේ අතින් ලබා ගැනීම ප්‍රතික්ෂේප කොට ඒ අසල සිටි "ශ්‍රියන්ත මෙන්ඩිස්" ගේ අතින් ලබා දෙන ලෙස කියා ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ අතින් ලබා ගැනීමයි.

මහත් ලැජ්ජාවකට පත් වූ උදය ගම්මන්පිල ලැජ්ජාමුසු මුහුණින් සිනා සී සිටි අයුරුද පෙනෙන්නට තිබුනා.

ඒ අතරම ඔහුට පසු වේදිකාවට පැමිණි තරුණයා ද  "දුමින්ද දිසානායක" හා "උදය ගම්මන්පිල" වෙත අතට අත නොදී සම්මානය වේදිකාව මත සිටි වෙනත් අයකු අතින් සම්මානය ලබා ගැනීමයි.එහෙත් එවිට උදය ගම්මන්පිල විසින් බලෙන්ම මෙන් එම සම්මානය ලබා දීමට උත්සහ කල අයුරුද පෙනෙන්නට තිබුණා.

මේ වන විට මෙම තරුණයින් දෙදෙනාගේ ක්‍රියා කලාපය ලංකාවේම කතා බහට ලක් වී ඇත්තේ "මහින්ද - මෛත්‍රී රජයේ හොර ඇමතිවරුන්ගෙන් "  සම්මාන ලබා නොගත් කොන්දක් ඇති තරුණයින් ලෙසයි.

තවත් පිරිසක් කියා සිටින්නේ ඔවුන් ජනතා විමුක්ති පෙරමුන නියෝජනය කරන තරුණයින් බවත් සමාජ ආකර්ශනය දිනා ගැනීමට මෙවන් ක්‍රියවක් සිදු කල බවත් ය.

එම නවතම වීඩියෝව පහළින් නරඹන්න