ජනාධිපති ගැන මුළු පාර්ලිමේන්තුවම හෙල්ලිලා යන්න "අනුර කුමාර" කරපු සම්පූර්ණ කතාව මෙන්න ! (VIDEO) | Colombocall ජනාධිපති ගැන මුළු පාර්ලිමේන්තුවම හෙල්ලිලා යන්න "අනුර කුමාර" කරපු සම්පූර්ණ කතාව මෙන්න ! (VIDEO) - Colombocall

Hot News

ජනාධිපති ගැන මුළු පාර්ලිමේන්තුවම හෙල්ලිලා යන්න "අනුර කුමාර" කරපු සම්පූර්ණ කතාව මෙන්න ! (VIDEO)








"මෙම අස්ථාවර බව ඕපපාතිකව නිර්මාණය වුණේ නෑ. මෙම අස්ථාවර බව දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. ඔක්තෝබර් 26 වැනි දා පැහැදිලිවම දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා.

එක මැතිවරණයක සිට තවත් මහ මැතිවරණයක් වෙනකම් කාලයේ දී අලුත් ආණ්ඩුවක් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට අවස්ථාව තිබෙනවා බහුතර කැමැත්ත අනුව ආණ්ඩුවක් තෝරාගන්න.

ආණ්ඩු පෙරළීම සඳහා පිළිගත හැකි ක්‍රම තුනක් තිබෙනවා. 26 වැනි දා සිදුවූයේ එවැනි දෙයක් නොවෙයි.
මේසෙක දෙපැත්තක හිටගෙන මෛත්‍රීපාල සිරිසේන මහතා කියනවා උඹ අගමැති මම ජනපති කියලා.මෙය දේශපාලන කුමන්ත්‍රණයක් ලෝකයේ මෙවැනි රටක මෙවැනි ආණ්ඩු පෙරලීම් වුණා නම් එය ලේ වැගිරීම් වලිනුයි නවතින්නේ.
අපේ රටේ ජනතාවට ස්තුතිවන්ත වෙනවා , ඒ තැනට මෙය පත් නොකලට.

අපි මේ කුමන්ත්‍රණය පිළිගන්නවා නම් නැවත කුමන්ත්‍රණයක් සිදු විය හැකියි.මේ කුමන්ත්‍රණය පරාජයට පත් කළ යුතුයි කියන ස්ථාවරයේ ජනතා විමුක්ති පෙරමුණේ අපි හිටියා.

බලයෙන් බලය හරහා බහුතරය නිර්මාණය කර ගන්න කටයුතු කළා. තමන්ට තිබෙන මනාප ගණන සහ පාර්ලිමේන්තුවේ සිටි කාලය අනුව ගණන තීරණය කර වෙන්දේසි වුණා. පනින් විතරක් නෙමෙයි, නවතින්නත් සල්ලි ගත්තා.
අපේ රටේ අශිෂ්ඨත්වයට පත් දේශපාලන ක්‍රමය වෙනස් කරන්න දිගුකාලීනව ජනතා විමුක්ති පෙරමුණ සූදානම්.

බලහත්කාරයෙන් බලය හදාගෙන, බිය ගන්වමින් මේ අශුද්ධ ක්‍රියාවලිය පන් ගත්තා. එය ජයගන්න ජනපතිට හැකියාව තිබුණේ නෑ. පාර්ලිමේන්තුව කල් තියලා වෙන්දේසිය පටන් ගත්තා. ඒත් බැරිවුණු තැන පාර්ලිමේන්තුව විසිරෙව්වා.
පාර්ලිමේන්තුව තෝරා ගත්තේ එක ජනවරමකින්. ජනපති තේරෙුණේ තවත් ජනවරමකින්. එක ජනවරමක් විසින් තවත් ජනවරමක් යටත් නොකළ යුතුයි.

අපේ ව්‍යවස්ථාව යටතේ එක් ජනවරමක් ඉවත් කරන්න ජනපතිට හැකියාව තිබුණා. ජේආර් ජයවර්ධන කළ වැඩේ අපි දන්නවා. ඒ ඒකාධිපතිත්වය ඉවර වුණේ උතුරෙත් දකුණෙත් ජීවිත විශාල ගණනක් අවසන් වෙලා. උතුරේ ජනතාවටත් ජනතා විමුක්ති පෙරමුණටත් විශාල වගකීමක් තිබෙනවා. ප්‍රජාතන්ත්‍ර විරෝධී සටනට විරුද්ධව නැගී සිටින්න.

2015 ජනවාරි අට වැනි දා ජනවරම ලැබුණා විධායක ජනාධිපතික්‍රමය ඉවත් කරන්න. 19 සංශෝධනයේ හරය තමයි ජනපතිගේ බලයෙන් පාර්ලිමේන්තුව යටපත් නොකළ යුතුයි කියන එක. ජනපති පාර්ලිමේන්තුව විසිරෙව්වේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමිනුයි.

ජනාධිපතිට තමන්ගේ ඔළුවේ ඇතිවන මනස්ගාතවලට රටක් පාලය කරන්න බෑ. ජනාධිපතිට රට පාලනය කළ හැකි සීමා ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදී ව්‍යවස්ථාව කඩලා තිබෙනවා.

මේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවට එරෙහිව අපි අධිකරණයට ගියා. සියවස් දෙකකට වැඩි ඉතිහාසයක් අපේ අධිකරණ පද්ධතියට තිබෙනවා.
විධායකයේ බලයෙන් පාර්ලිමේන්තුව නිහඬ කර තිබෙනවා. විධායකයත්, ව්‍යවස්ථාදායකයත් අධිකරණයත් එකට ගැටගැහුණු නඩුවක් මෙය.

ගැසට්ටුව තාවකාලිකව අත්හිටුවමින් ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නා. ඉන්පසු අපි කිව්වා කුමන්ත්‍රණයේ දෙවැනි පියවර පාර්ලිමේන්තුවේදී පරාජය කරන බව අපි කිව්වා.
14 වැනි දා දිනය ඉතාමත් තීරණාත්මක දිනයක් වීමට තිබුණා. අශිෂ්ඨ, ජනවරමට විරෝධී කුමන්ත්‍රණයට විරුද්ධව ශිෂ්ඨත්වය බලාපෙරෛාත්තු වෙන්න එපා කියලා අපි ජනාධිපතිට කියනවා.

පාර්ලිමේන්තුවට පැවරී ඇති වගකීම ගැන අපි හොඳ ඇගයීමට ඉන්නවා. පාර්ලිමේන්තුවෙන් සියල්ල විසඳා ගතයුතු කියන තැන අපි නෑ.  අපි උත්සාහ කරමින් සිටිනවා පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් සහ ස්ථාවර නියෝග රැකගන්න.
අපි ඔබේ හෝ කාර්ය මණ්ඩලය බාධා කළේ නෑ.
අපි ස්ථාව නියෝග සකස් කරද්දි දවසක විවාදයක් තිබ්බා. අද පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම දෙනාම අනුමත කළා. ඒ ස්ථාවර නියෝගයි දැන් තිබෙන්නේ. ඒ නිසා කුමන්ත්‍රණය පරාජය අද රටේ පාර්ලිමේන්තුව ප්‍රශ්න කරන්න ජනාධිපති පෙළඹිලා තිබෙනවා.

ස්ථාවර නියෝගවල 135 වගන්තියේ පැහැදිලිව තිබෙනවා ස්ථාවර නියෝග අත්හිටුවන්න පුලුවන් කියලා. පාර්ලිමේන්තුවේ යේාජනාවක් ගන්න පුලුවන් වෙන විදියට ස්ථාවර නියෝග කිහිපයක් අත්හිටුවන යෝජනාවක් සුමන්තිරන් මන්ත්‍රීවරයා ගෙනාවා.

ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව හරියට සම්මත වුණා. ඊට කවුරුත් විරෝධය දැක්වුවේ නෑ. ඉන්පසු විශ්වාස භංගය මම යේාජනා කළා. විජිත හේරත් මහතා ස්ථිර කළා. විශ්වාස භංගය තමයි පාර්ලිමේන්තුවේ විවාද කළ යුත්තේ කියා අපි පිළිගන්නවා. ස්ථාවර නියෝග අනුව අපි යෝජනාව ඉදිරිපත් කළා. ඊට විවාදයක් අවශ්‍යයි. අපි කැමැත්තෙන් හිටියා විශ්වාස භංග යේාජනාව විවාදයට ගන්න. මා ඉදිරිපිටස තමයි මහින්ද රාජපක්ෂ මහතා වාඩි වෙලා හිටියා. මඩ කාලාන්තරයක සිට අවශ්‍යතාවක් තිබ්බා ඔගේ ක්‍රියාකාරකම් ගැන ඔහුගේ ඉදිරිපිටම කතා කරන්න.

ජනවාරි මාසේ 8 ප්‍රතිඵලය එජාප ශඛ්‍යතාවයෙන් පමණක් ගත්තු එකක් නෙමෙයි. ලක්ෂ 62ක ඡන්ද ප්‍රමාණයක් ලැබුණේ එජාපෙ උවමනාවම නෙමෙයි. එදා ජනවාරි අට වැනි දා 62 ලක්ෂයක ජනවරමේ අපේක්ෂාවක් තිබ්බා. ජනවරමෙන් දින 50ක් යද්දි බැඳුම්කර මංකොල්ලය සිදු කළා. ඉන් පස්සේ විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තියකට ගියා.විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ මාස 18ක් වහලා තිබ්බා.

රාජිත සේනාරත්නගේ පෞද්ගලික උවමනා මත තමයි සයිටම් ප්‍රශ්නය ඇදිලා ගියේ සිංගප්පූරු ගිවිසුම අත්සන් කරද්දි සාකච්ඡා කර නැවත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ නෑ. හිටපු අගමැතිගේ හෝ මලික් සමරවික්‍රමගේ පෞද්ගලික දේපොළ නෙමෙයි මේ. පෞද්ගලික දේවොළ නම් හඳපානේ කළත් කමක් නෑ. හම්බන්තොට ගිවිසුම අත්සන් කළේ තක්කඩි විදියටයි.
හම්බන්තොට වරායට මිලක් නියම කරලා විකුණනවා. ඒ බදු සහන ගෙදරන් දෙන ඒවා නෙමෙයි. විශ්වාස භංග යේාජනාවට විධිමත් විවාදයක් දෙනවා නම් රනිල්ගේ ආණ්ඩුව ගැනත් ඔහුටත් ඇහෙන්න ලොකු වුවමනාවක් තිබ්බා එදාටත් සිහිබුද්ධියෙන් අහයි කියලා අපි හිතුවා. හැබැයි අපිට විවාදය කර ගන්න  බැරි වුණා.

කතානායකතුමා අවස්ථා තුනකදී කියනවා නමින් ඡන්දය ගන්න.
14, 15, 16 කතානායකතුමා ගත් තීන්දුව ගැන අපි පැසසුමට ලක් කරනවා. මොකක්ද මෛත්‍රීපාල සිරිසේන මහතාට තියෙන අයිතිය විශ්වාස භංගය හරියට වුණාද නැද්ද කියලා කියන්න තියෙන අයිතිය?

පාර්ලිමේන්තුවේ තීරණය ගන්නේ කතානායකතුමා. ඔබතුමා 15 වැනි දා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළා විශ්වාස භංගය සම්මත වූ නිසා ආණ්ඩුවක් නොමැති බව.
ජනාධිපතිට පොලොන්නරුවේ කුඹුරක් වගා කරන්න පුළුවන් හිතුනු විදියට. නමුත් ජනාධිපතිකම කරන්න බෑ හිතුනු විදියට. ජනාධිපතිතුමා ව්‍යවස්ථාවට යටත්.

ව්‍යවස්ථාවේ පැහැදිලිව තිබෙනවා ආණ්ඩුව විසිරුවන්න පුලුවන් ක්‍රමය.ඊයෙත් කැබිනට් මණ්ඩලය රැස්වෙනවා.
ව්‍යවස්ථාවේ තිබෙනවා විශ්වාස භංගයක් සම්මත වූ වහාම අමාත්‍ය මණ්ඩලය විසිරෙනවා කියා.
ඉන් පසු අග්‍රාමාත්‍ය වරයා සහ ඇමැතිවරුන් පත් කළ යුතුයි. ජනාධිපතිට පැවරී තිබෙන්නේ නව ආණ්ඩුවක් පිහිටුවීමයි.
එතුමාට ඕන නම් රාජපක්ෂ මහත්තයා එක්ක හුරතල් වෙන්න ආයෙත් අගමැති විදියට දිවුරුම් දෙන්න පුලුවන්.
දින 10ක් තිස්සේ දැන් ආණ්ඩුවක් නෑ.

මේ අරාජිකත්වය ඇති කළේ ජනාධිපතිවරයා.ජනාධිපතිවරයා තමන්ගේ කාර්ය භාරය දැන් ඉටු කරන්නේ නෑ. මේ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලබන කිසිම තීන්දුවක් ක්‍රියාත්මක කරන්න එපා කියලා අපි රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ රටේ ව්‍යවස්ථාව රකින්න හැම රාජ්‍ය සේවකයකුම බැඳලා ඉන්නවා.

ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නන්ගේ ආරක්ෂාවටයි පොලිසිය සහ හමුදා තිබෙන්නේ.මේ රටේ ආරක්ෂක හමුදාවන්ටත් විශාල කාර්යභාරයක් තිබෙනවා ව්‍යවස්ථාව කඩන ලද කණ්ඩායමක් ආරක්ෂා නොකරන්න.
ජනාධිපතිවරයා එක එක්කෙනාට ගෙන්වන ලණු ජනතා විමුක්ති පෙරමුණට ගිල්වන්න බෑ කියලා මම කියනවා.ව්‍යවස්ථාව උල්ලංඝණය කළ ජනාධිපතිවරයාට එරෙහිව ගන්න පුලුවන් ක්‍රියාමාර්ගත් ව්‍යවස්ථාවේ තිබෙනවා. ඒ ක්‍රියාමාර්ගවලින් ගන්න පුලුවන් කවර යෝජනාව ද කියා අපි හිතලා බලනවා.

ගමේ ඉන්න ළමයකුටවත් ලේන්නු අඹ කාලා ඉතුරු වෙච්ච කෙටේ දෙන්නේ නෑ. එහෙම තියෙද්දි මේ ගත්තේ අගමැති කොටේ. අගමැති කොටේ ගන්න ඇයි පෙළඹුණේ? පාර්ලිමේන්තුවට ප්‍රධාන කාර්ය දෙකක් තිබෙනවා.එකක් නීති හදන එක. අනිත් එක මූල්‍ය පරිපාලනය. මේ කාර්යයන් දෙකම මහින්ද රාාපක්ෂගේ කණ්ඩායමට   කරගන්න බෑ.
අාණ්ඩුවට බහුතරයක් නෑ. අබ්බගාත ආණ්ඩුවක් බාර ගත්තේ ඇයි? මේ පාර්ලිමේන්තුව ඔවුන්ට තවත් මර්දනකාරී දේශපාලනයේ එක මධ්‍යස්ථානයක් විතරයි. මුදල් පරිපාලනයක්, නීති සම්පාදනයක් ඔවුන්ට පාර්ලිමේන්තුවේ කර ගන්න බෑ. එහෙම තියෙද්දි ආන්ඩුවක් හදාගත්තේ ඇයි?

අධිකරණවල නඩු ක්‍රියාත්මක වෙනවා. ගෝඨාභය රාජපක්ෂට නඩුවක් තිබෙනවා. ගෝඨාභයට එරෙහිව ඇවන්ගාඩ් නඩුව තිබෙනවා. මහජන මුදලින් මැදමුලනේ සොහොනක් හැදීම ගැන නඩුවක් තිබෙනවා. ගාමිණී සෙනරත්ලා ගෙවල්වල හංගං හිටපු විදිය අපි පස්සේ කියන්නම්. ගෝඨාභයට එරෙහි ඊළඟ නඩුවට දින නියම කරලා තියෙනවා
බැසිල්ට නඩු දෙකයි. විමල් වීරවංශට හා බිරියට නඩු දෙකයි. රෝහිතට, මහින්දානන්දට නඩුවක්. පෙබරවාරි මාසයට කලින් මේ නඩු ඔක්කොම තිබෙනවා. මේ ආණ්ඩුව හැදුවේ අධිකරණයේ තිබෙන නඩු නිසා.  මේ සතියේ විමල් වීරවංශයට තිබ්බ නඩුව ලබන වසරේ මැයි වලට කල් ගියා. මහින්ද රාජපක්ෂ මහතා දැනගෙන හෝ නොදැනගෙන පය තිබ්බේ නඩුවල චූදිතයන් බේරා ගන්නයි.

ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගන්නේ නෑ කියලා කැබිනට් මණ්ඩලය තීරණයක් අරගෙන තිබ්බා. ඇයට එෆ්සීඅයිඩියෙන් කටඋත්තර ගන්න එන්න කිව්වාම හිටපු කතානායකගේ නිල නිවසට ගෙන්වාගෙන කටඋත්තර ගත්තේ.
තිබුණු ජාතික ආණ්ඩුවට ජාතික න්‍යාය පත්‍රයක් තිබුණේ නෑ. බලපොරයක නිරත වුණා. මේ නොපැහෙන විවාහය සිද්ධ වෙන්නේ මෛත්‍රීපාල සිරිසේනගේ නැවත සිහසුනේ හිඳගැනීමේ වුවමනාව හා මහින්ද මහත්තයාගේ නඩු වසා ගැනීමේ උවමනාව.

ජනාධිපතිවරයාම කිව්වා ජනවාරි අට වැනි දා පොල්වත්තක හැංගිලා හිටියේ කියලා. කාට බයේද? බස්සන්ට බයේද? ඒ මහින්ද රාජපක්ෂ මහත්තයාට බයේ. මහින්ද බලයට පත් වුණොත් අඩි හයක් පොළොවේ යටට යනවා කිව්වා. එහෙම කිව්ව මේ දෙන්නා එකතු වීමේ සූත්‍රය කුමක්ද?

මෛත්‍රීගේ නමට, හැසිරීමට අපි අගෞරව කරලා නෑ. නමුත් රාජපක්ෂ කඳවුර උපයෝගී කරගත්තේ හිටං, හුටං, පඹයා වැඩි අවාදයි. ඒ කදවුරත් එක්ක මෛත්‍රීපාල සිරිසේන යළි විවාහ වෙන සූත්‍රය කුමක්ද?
මහින්ද රාජපක්ෂ අගමැති වීම නිසා අමන්දානන්දයට පත් වුණා අයගෙන් මම අහන්නේ. ඡන්දෙන් පස්සේ ඊට පහුවදා බහුතරය ගත්ත අයට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කැමති නෑ කියලා වෙනත් පාර්ශ්වයක් පත් කළොත් මේ විදියටම මොකද කියන්නේ?

ඡන්දවලින් ආණ්ඩු පිළිගන්නේ නැතිනම් මැතිවරණ තියන්නේ ඇයි? පාර්මේන්තුව විසිරුවා හැරීමේ තීරණය ගත්තොත් හිතුණු හිතුණු විදියට පාර්ලිමේන්තුව විසිරුවයි.
මේ මූලධර්ම උල්ලංඝණය කරලා තිබෙනවා. ඒක රාජපක්ෂ මහතා සතුටට පත් කරලා තිබුණත් මේ කඩුව ඔහුටත් එල්ල වෙයි කියලා කියන්න පුලුවන්ද?

මේ කුමන්ත්‍රණය නැවත සිදු නොවීමට ඉඩ නොදිය යුතුයි.

එජාපය ජනතාවගෙන් ඈත් වෙලා හිටිය නිසා කුමන්ත්‍රණය හරියට පරාජය කරන්න ඔවුන්ට බෑ. ඔවුන් එක්ක ජනතාව හිටියා නම් අද මොවුන් ඉන්නේ පාර්ලිමේන්තුවේ නෙමෙයි, ජනාධිපතිගේ ගෙදර වටේ.

මේ පාර්ලිමේන්තුවට දැන් සුජාත භාවයක් නෑ. 2015 තෝරා ගත් පිළිබිඹුව දැන් නෑ. මේ පාර්ලිමේන්තුවේ කවුරු 113 ගත්තත් ඉදිරියට ආණ්ඩු කරන්න යුක්ති සහගත නෑ. සල්ලිවල කට්ටිය අරගෙන ආණ්ඩු කරන්න බෑ. කුමන්ත්‍රණය පරාජය පත් කිරීමෙන් පසුව අනිවාර්යෙන් පාර්ලිමේන්තු මැතිවරණයට යා යුතුයි. අපිට ලැබෙන පංගුව නෙමෙයි වැදගත්, ජනතාවගේ ජනවරම විකෘති වෙලා ඉදිරියට යන්න බෑ.
මේ කුමන්ත්‍රණය පරාජය පත් කර පාර්ලිමේන්තුව විසිරුවීමේ යේාජනාවක් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් කරනවා"



 මේ අද දින පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාව "විජිත හේරත්" මහතා ඉදිරිපත් කළ පසු එය ස්ථිර කරමින් අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාවයි.

අනුර කුමාර සිදු කළ කතාවේ වීඩියෝව පහළින්