"ආනන්ද අළුත්ගමගේ" පාර්ලිමේන්තුවේදී කරපු කැත වැඩක් රහස් කැමරාවක සටහන් වෙයි -VIDEO- | Colombocall "ආනන්ද අළුත්ගමගේ" පාර්ලිමේන්තුවේදී කරපු කැත වැඩක් රහස් කැමරාවක සටහන් වෙයි -VIDEO- - Colombocall

Hot News

"ආනන්ද අළුත්ගමගේ" පාර්ලිමේන්තුවේදී කරපු කැත වැඩක් රහස් කැමරාවක සටහන් වෙයි -VIDEO-






පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අළුත්ගමගේ විසින් ඉතා පහත් ආකාරයේ ක්‍රියාවක් සිදු කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් හුවමාරු වෙමින් පවතිනවා. අද (16) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා  කතානායක අසුනේ අසුන් ගෙන සිටියා. ඔහු අසල පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් රැසක් රැස්වී සිටියා.

 ඒ අතරින් කතානායක මේසය මත තිබෙන මයික්‍රෆෝනය  එක් මන්ත්‍රීවරයෙක් විසින්  කරකවමින් ගැලවීමට උත්සහ කරන අතරතුර එහි ඇති වටිනා විද්‍යුත් උපකරණයක්  ආනන්ද අළුත්ගමගේ විසින් කඩා දමනු ලැබුවා. ඔහු එය  වයර් ගැලවී විනාශ වෙන ආකාරයට අදිනු ලැබුවා.

මෙය සමාජ මාධ්‍ය තුළ පලවීමත් සමඟ ඔහුට බොහොමයක් විවේචන එල්ල වී තිබුනා.

මේ එම වීඩියෝවට ජනතාව දක්වා තිබූ උත්තර කිහිපයක්


" අපි මහින්දට ආදරෙයි. හැබැයි මේවගේ කැත වැඩ කරන උන්ට පොඩ්ඩක්වත් කැමති නෑ "

මෙක කැඩුනම ආයෙ හදන්න යන්නෙත් අපේ සල්ලි හරිම ලැජ්ජයි  ඔබගේ ක්‍රියාකළාපය"

"ලංකාවේ මෝඩ හරක් ටික ආයෙත් මේ වගේ කාබාසිනියාකාරය මිනිස්සුන්ව පාර්ලිමේන්තු එවයි.මහින්ද වෙනුවෙන්.හැබැයි මුන් පාර්ලිමේන්තු ඇවිත් කන්නෙ මහින්ද මහත්තයගේ නම"

"මොන පක්ෂෙ උනත් මේ කරන වැඩේ අනුමත කරන්න බෑ. මේවා හදන්න යන්නෙත් අහින්සක දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි"


කෙසේ වෙතත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දේපල විනාශ කිරීම අනුමත කළ නොහැකි බව බහුහරයකගේ මතය වී තිබුණා.
මන්ත්‍රීවරයා හැසිරුණු ආකාරය පහතින් නරඹා මොවුන් නැවතත් පාර්ලිමේන්තු එවිය යුතුද යන්න ඔබම තීරණය කරන්න