පාර්ලිමේන්තුව ඇතුලේ ඇත්තටම වුණ දේ මෙන්න ! දිළුම් අමුණුගම ප්‍රථිකාර සඳහා රැගෙන යයි ! -VIDEO- | Colombocall පාර්ලිමේන්තුව ඇතුලේ ඇත්තටම වුණ දේ මෙන්න ! දිළුම් අමුණුගම ප්‍රථිකාර සඳහා රැගෙන යයි ! -VIDEO- - Colombocall

Hot News

පාර්ලිමේන්තුව ඇතුලේ ඇත්තටම වුණ දේ මෙන්න ! දිළුම් අමුණුගම ප්‍රථිකාර සඳහා රැගෙන යයි ! -VIDEO-








අද උදෑසන පාර්ලිමේන්තුව රැස් වීමෙන් අනතුරුව කතානායක කරු ජයසූරිය  පාර්ලිමේන්තුව මෙහෙයවීම ආරම්භ කළා. එහිදී දිනේෂ් ගුණවර්ධන ගේ අදහස් දැක්වීමකින් අනතුරුව  කතා නායකවරයා විසින් මහින්ද රාජපක්ෂ වෙත අවස්ථාව ලබා දුන්නා.

එහිදී සභාවේ දැඩි ගෝෂා මැද මහින්ද රාජපක්ෂ තම කතාව ඉදිරිපත් කළා. එහිදී මහින්ද රාජපක්ෂ වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු කරන බවයි.

ඉන් පසු ලක්ෂ්මන්  කිරිඇල්ල අදහස් දැක්වීම ආරම්භ කළා. එහිදී ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය බැලීමට පාර්ලිමේන්තුවේ නම් වශයෙන් කියවෙන " ඡන්දයක් පවත්වමු" ලෙසයි. ඒ සමඟම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතා නායක වටකරගෙන ඡන්දයක් තැබීමට විරුද්ධත්වය පළ කළා.

ඒ සමඟම පාර්ලිමේන්තුව උණුසුම් වූවා. එය ගුටි බැට හුවමාරුවක් දක්වා යන අයුරු පෙනෙන්නට තිබුණා.

කෙසේ වෙතත් දිළුම් අමුණුගම මහතාගේ අත තුවාල වී ඔහුට ප්‍රථිකාර කිරීම මේ වන විට සිදුවෙමින් පවතිනවා.

 එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහළින් නරඹන්න