අවුරුදු හතරක් රට ඉඳලා ආපු තාත්තාව දැකලා පුංචි පුතාගේ සතුට ! -VIDEO-
-වසර හතරක් විදේශ ගත වී සිට පැමිණ තම පුංචි පුතු බලන්න පාසල වෙත ගිය තාත්තා කෙනෙක් එම අවස්ථාවේ වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.-
දෙමව්පියන්ට දරුවන්ගේ ආදරය මෙන්ම දරුවන්ටද තම දෙමව්පිය ආදරය නිබඳවම අවශ්‍ය වෙනවා.
ලංකාවේ ආර්ථික අපහසුතා තුළ තම දරුවන්ගේ අනාගතය සුන්දර කිරීම අසීරු බව දැන බොහොමයක් දෙමව්පියන් විදේශ රටවල් තුළ රැකියා සිදුකරමින් මුදල් උපයන්නේ වෙන කිසිවකටත් වඩා තම දරුවන්ට හැකි උපරිම සැප සම්පත් ලබා දීමටයි.
එහෙත් තම දරුවන්ගෙන් ඈත්ව විදේශයක ගෙවන ජීවිතය තරමක් කටෝර වුවත් තමන්ට ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම තම දරුවන් දැකීම තරම් සතුටක් දෙමව්පියන්ටද වෙන නැත.
මෙසේ විදේශ ගත වී සිට ලංකාවට රහසේව පැමිණි තාත්තා කෙනෙක් තම පාසල් දරුවාගේ මුහුණ බැලීමේ ආශාවෙන් පාසල නිමවෙන තුරු බලා සිටිනවා. ඒ අතර මව යැයි සිතිය හැකි කෙනෙක් මෙම අවස්ථාව තම දුරකථනයෙන් පටිගත කරමින් සිටිනවා. එතනින් පසු සිදුවන දේ පහළින් නරඹන්න.
මෙය සමාජ මාධ්‍ය තුළන් ලබාගත් වීඩියෝවක් බැවින් මේ තාත්තාගේ නම "සුජිත් පෙරේරා" පමණක් බවයි අනාවරණය වී තිබෙන්නේ.එම සුජිත් පෙරේරාගේ ෆේස්බුක් පිටුවට පහළ සැබැඳියෙන් පිවිසෙන්න.
https://www.facebook.com/sujith.perera.9026?__tn__=%2CdC-R&eid=ARB-yJGh3yiU-PLRqtFYms5-u-PZxYwwvuQtNztXpkQCqn_RkWWkp_-5rqLp3-6CiXhF007wSmpovJq_&hc_ref=ARSZn4_DbZ5Q4wOuaMbWytVuqcXnD4MA5MAORl6PWSaWCNBQ5Y8auDil0J0A8OvF-DY&fref=nf