එ.ජා.ප නායකයෝ මැතිවරණ කොමිසමට ! -VIDEO- | Colombocall එ.ජා.ප නායකයෝ මැතිවරණ කොමිසමට ! -VIDEO- - Colombocall

Hot News

එ.ජා.ප නායකයෝ මැතිවරණ කොමිසමට ! -VIDEO-







ජනාධිපතිවරයා විසින් මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරනු ලැබීම පිළිබදව සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ අද මැතිවරණ කොමිෂන් සභාවට ගියහ. ව්‍යවස්ථාවට පිටින් මෙම මැතිවරණය පැවැත්වීමේ නීති විරෝධීභාවය ගැන තම මතය මැතිවරණ කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ කළ බවත්, මැතිවරණ කොමිසම ඊට සාවධානව ඇහුම්කන් දුන් බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අජිත් පී පෙරේරා මහතා පැවසීය.

මෙම මැතිවරණය පැවැත්වීම සම්බ්නධයෙන් මැතිවරණ කොමිසම කුමක් ප්‍රකාශ කළේදැයි මාධ්‍යවේදීන් කළ විමසීමේදී පෙරේරා මහතා කීවේ ඒ සම්බන්ධයෙන් මේ අවස්ථාවේ අදහස් ප්‍රකාශ කළ නොහැකි බවයි.

රාතිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, ගයන්ත කරුණාතිලක, අකිල විරාජ් කාරියවසම්, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු ද එම අවස්ථාවට එක්වූහ.

මේ අතර ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට්නිවේදනය අනුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට තමන් සියළු කටයුතු සූදානම් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරයි.

කිසිසේත්ම තමන් මැතිවණය සම්බන්ධයෙන් අධිකරණයට නොයන බවත් එය තමනට අයත් කාර්යක්ද නොවන බවත් ඔහු සදහන් කර ඇත.

නමුත් කිසිවෙකු හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තම කොමිසමට නිකුත් කරන නියෝගයක් අනුව කටයුතු කිරීමටද තමන් බැදී සිටින වද ඔහු කියා තිබේ.

මැතිවරණය කැදවීම නීති විරෝධී යයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයන් දිගින් දිගටම පවසද්දී සභාපතිවරයා පවසා ඇත්තේ අධිකරණයට ගොස් එය නිරවුල් කර ගන්නා ලෙසයි.

අද රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසමේ කාර්යාලයේදී දේශපාලන පක්‍ෂ නියෝජිතයන් හමු වූ අවස්ථාවේදී ඔහු මෙම අදහස් පල කර තිබේ.