පෙම්වතා මියගිය බව දැනගත් වහාම සිය දිවි නසාගත් "පන්නල" පාසල් සිසුවිය ! -PHOTOS- | Colombocall පෙම්වතා මියගිය බව දැනගත් වහාම සිය දිවි නසාගත් "පන්නල" පාසල් සිසුවිය ! -PHOTOS- - Colombocall

Hot News

පෙම්වතා මියගිය බව දැනගත් වහාම සිය දිවි නසාගත් "පන්නල" පාසල් සිසුවිය ! -PHOTOS-









වල්පිට ප්‍රදේශයේ හෝටලයක පිහිටි ජලාශයකදී බෝට්ටුව පෙරලී   "ශානු ජයසිංහ" නැමැති (උසස් පෙළ හදාරමින් සිටි) සිසුවකු මියගිය පුවතක් වාර්තා වුණා.

එසේ මියගිය 18 හැවිරිදි පාසල් සිසුවා සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ බව කියන 17 හැවිරිදි පාසල් සිසුවියක්, ඔහුගේ මරණය පිළිබඳව පුවත සැලවීමෙන්  සිත් වේදනාවට පත්ව පෙරේදා (07) පස්වරුවේ සිය නිවෙසේ ගෙවත්තේ වූ ළිඳට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා. ඇය පන්නල ජාතික පාසලේ සිසුවියක්.

ඉකුත් 7 වැනි දින පාසලට ගොස් නැති ඇය නිවෙසින් හදිසියේ අතුරුදන්ව සිටි බවත් ඇය සොයා ගම්වැසියන්ද ඇතුළු විශාල පිරිසක් ගම පීරමින් සැකකටයුතු තැන්ද පිරික්සා බලා ඇති නමුත් ඇය පිළිබඳ හෝඩුවාවක් ලැබී නෑ.

පසුව කුලියාපිටිය පොලිසියේ නිල සුනඛ අංශයේ "විකී" නම් නිල සුනඛයා පොලිසිය මඟින් සිසුවියගේ නිවෙසට කැටුව විත් සිසුවියගේ ඇඳුමකින් ලබා දුන් ඉව ඔස්සේ ගෙවත්තේ ළිඳ කරා ගොස් ඒ අසල නැවතී බුරන්නට වූ හෙයින් අසල්වැසි අයකු ළිඳට බැස පරීක්ෂා කරද්දී ළිඳ තුළ තිබූ සිසුවියගේ මළ සිරුර හමුවී ඇති බව පොලිසිය පවසනවා.

කුලියාපිටිය රජයේ රෝහලේ මෘත ශරීරාගාරය වෙත ගෙනෙන ලද ඇගේ මළ සිරුර පිළිබඳ මරණ පරීක්ෂණයේ සාක්කි විභාගය පන්නල නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය ටී. අමිල ඉන්දික මහතා විසින්ද පශ්චාත් මරණ පරීක්ෂණය කුලියාපිටිය රජයේ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි එම්.ඩී.එස්.එම්. බණ්ඩාර මහත්මිය විසින්ද පැවැත්වීමට නියමිතයි.


එම සිසුවාගේ මරණය හේතුවෙන් ශෝකයට පත්ව ළිඳට පැන සිය දිවි නසා ගත් සිසුවිය සැබෑවටම එම තරුණයාට ආදරය කර ඇති බව බොහෝ දෙනෙක් පවසනවා.

 නමුත් මෙවන් හදිසි තීරණයක් ගැනීම එතරම් උචිත නොවන බව ද ඇතැමුන් ප්‍රකාශ කරනවා.

 එම සිසුවාගේ පින්තූර කිහිපයක් පහළින් නරඹන්න