කන්ඩ බොන්ඩ නැතුව ලංකාවේ දුක් විඳින "ඉන්දියන් කොල්ලො" සෙට් එක ! විශේෂ හෙළිදරව්ව -PHOTOS- | Colombocall කන්ඩ බොන්ඩ නැතුව ලංකාවේ දුක් විඳින "ඉන්දියන් කොල්ලො" සෙට් එක ! විශේෂ හෙළිදරව්ව -PHOTOS- - Colombocall

Hot News

කන්ඩ බොන්ඩ නැතුව ලංකාවේ දුක් විඳින "ඉන්දියන් කොල්ලො" සෙට් එක ! විශේෂ හෙළිදරව්ව -PHOTOS-





මූලික පහසුකම්වත් නොමැතිව කුලී සේවය කළ ඉන්දියානු කුලී කම්කරුවන් 30 ක්  පමණ වහාම තමන්ව නැවතත් සිය මව් රට වෙත යවන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරනවා. මෙම පිරිස ගලේවෙල කටුපොත ප්‍රදේශයේ නිවසක නවතා සිටින අතර මේ දිනවල ඔවුන් පැමිණි  කුලි සේවයෙන් ඉවත්ව වර්ජනයක නිරතව සිටින බව වාර්තා වෙනවා. 

"Krisna power - ක්‍රිස්නා පවර්" නැමැති ඉන්දියානු කොන්ත්‍රාත් සමාගමක් විසින් ඉන්දියාවේ ජාර්කාඩ් ප්‍රාන්තයේ සිට  (Jharkhand)  තම පිරිස මෙරටට ගෙන්වා තිබෙන බවත් ඔවුන් පවසනවා.

මේ වන විට මාස දෙකක පමණ කාලයක සිට වැටුප් ලබා නොදීම, නිසි ලෙස ආහාර පාන නොමැති වීම,  පානීය ජලය නොමැතිවීම ආදිය නිසා ඔවුහු දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව වාර්තා වෙනවා.

මෙම ඉන්දියානු ශ්‍රමිකයන් මෙරටට පැමිණ මාස හයක පමණ කාලයක් මේ වනවිට ගත වී තිබෙන බවද ඔවුන් කියා සිටිනවා. තමන්ගේ එකම ඉල්ලීම වන්නේ හිඟ වැටුප් ලබා දී සිය මවු රටට යවන ලෙසයි.

ගලේවෙල ප්‍රදේශයේ අධි බලැති විදුලි රැහැන් ඇදීමේ කම්කරුවන් ලෙස ඔවුන් මෙරටට ගෙන්වා තිබෙන බවත් එක් අයකුට ඉන්දියානු රුපියල් 600 ක මුදලක් ලබා දෙන බව පොරොන්දු ව සේවයට පැමිණි බවත්  ඔවුන් කියා සිටිනවා.

කෙසේවෙතත් ඔවුන් සතුව වීසා බලපත්‍රයක් ගමන් බලපත්‍රයක් කිසිවක් නොමැති අතර ඒ සියල්ල ක්‍රිස්න පොවෙර් ක්‍රිස්නා පවර්  නැමැති ඉන්දියානු කොන්ත්‍රාත් සමාගමේ නියෝජිතයකු සතුව පවතින බව ඔවුන් පවසා තිබෙනවා.

තමන්ට සිදුව ඇති අසාධාරණය පිළිබඳව ගලේවෙල පොලීසියට මීට පෙර පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් පොලීසිය මැදිහත් වී කඩිනමින් තමන්ව යවන බව ප්‍රකාශ කළ ද කොන්ත්‍රාත්කරුවන් ඊට කිසිදු අවධානයක් යොමු නොකළ බව මෙම සේවකයෝ කියා සිටිනවා.

ගලේවෙල කටුපොත ප්‍රදේශයේ තරුණයන් තිදෙනකු මෙහි සිටින බව තවත් ඉන්දියානු තරුණයන් රැසක් ස්ථාන ගණනාවක මේ ආකාරයෙන් සේවයේ යොදවා තිබෙන බවත් වාර්තා වෙනවා.

ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවක පිරිස් මෙහි ගෙන්වා තිබෙන බවද ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.

මෙම පිරිස භාරව සිටින ක්‍රිස්න පොවෙර් නැමැති පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමේ වැඩ පාලක වරයෙකු ලෙස කටයුතු කරනු ලබන්නේ ද ඉන්දියානු ජාතිකයෙකු වන අතර.

ඔහුට  දුරකථනයෙන් කතා කොට මේ පිළිබඳව විමසීමේදී සිය ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර තිබෙන්වා.

මෙම තරුණයන් සියලුදෙනාම කියා සිටියේ රාත්‍රීකාලයේ බිම නිදා ගන්නා බවත් ආහාර පිසීම සඳහා එක මුට්ටියක් සහ තාච්චියක් පමණක් තිබෙන බවත්ය.

නැවතී සිටින ස්ථානයේ පිහිටි අපිරිසිදු ලිදකින් සියලු ජල අවශ්‍යතාවයන් සපුරා ගැනීමට සිදුව තිබෙන බවත් උදේ අටේ සිට රාත්‍රී 10 . 12 දක්වා එක් අයකු සේවය කළ යුතු බව ද ඔවුහු කියා සිටිනවා.

මේ පිළිබඳව අවධානය යොමු කොට කඩිනමින් තමන්ගේ  වීදේශ ගමන් බලපත්‍ර සහ ඉන්දියාවට ගමන් කිරීම සඳහා ගුවන් ගමන් ‍ප්‍රරවේශ පත්‍ර සහ හිග වැටුප් ලබාදෙන්නැයි ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා.