මහින්ද , පුටුවෙන් පොලිසියට ගැසූ "නිරෝෂන්" ගේ හා කලහකාරී "ඉන්දික අනුරුද්ධ" ගේ පළු අරී ! -PHOTOS- | Colombocall මහින්ද , පුටුවෙන් පොලිසියට ගැසූ "නිරෝෂන්" ගේ හා කලහකාරී "ඉන්දික අනුරුද්ධ" ගේ පළු අරී ! -PHOTOS- - Colombocall

Hot News

මහින්ද , පුටුවෙන් පොලිසියට ගැසූ "නිරෝෂන්" ගේ හා කලහකාරී "ඉන්දික අනුරුද්ධ" ගේ පළු අරී ! -PHOTOS-





අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තරුණ මන්ත්‍රීවරුන්ට දැඩි ලෙස අවවාද කර තිබෙනවා.

ඒ පාර්ලිමේන්තුවේ හැසිරිය යුතු ආකාරය සම්බන්ධයෙන්.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ආදර්ශවත් මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුව තුළ හැසිරෙන ලෙසට අග්‍රාමාත්‍යයවරයා උපදෙස් ලබා දී ඇති බවයි.

කලහ කරමින් ඉදිරියට කටයුතු කළ නොහැකි බවත්, සාකච්ඡා මාර්ගයෙන් ගැටලූ විසඳා ගත යුතු බවත්, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

පාර්ලිමේන්තුව තුළ හැසිරෙන ආකාරය තරුණ මන්ත්‍රීවරුන්ගේ කීර්තිනාමයටද ගැටලූවක් විය හැකි බවටයි අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ.

කෙසේවෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තරුණ මන්ත්‍රීවරුන් එහිදී පවසා ඇත්තේ කතානායකවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙම අර්බුධය හට ගෙන ඇති බවයි.

එහෙත්, පවතින ගැටලූ විසඳා ගැනීමට ක්‍රමවේද ඇති බැවින් නීතිය අතට නොගෙන නීත්‍යානුකූලව කටයුතු කරන ලෙසටයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත්තේ.

"ඉන්දික අනුරුද්ධ" හා "නිරෝෂන් ප්‍රේමරත්න" මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් වී ඇති බවත් ආරංචිමාර්ග දක්වනවා


පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කලහකාරීන් ලෙස හැසිරුණු පින්තූර පහළින් නරඹන්න