ඕස්ට්‍රේලියාවම හොල්ලගෙන ඡන්දෙ ඉල්ලන මොරටුවේ ලාංකික තරුණයා ! සම්පූර්ණ විස්තරය මෙන්න -PHOTOS- | Colombocall ඕස්ට්‍රේලියාවම හොල්ලගෙන ඡන්දෙ ඉල්ලන මොරටුවේ ලාංකික තරුණයා ! සම්පූර්ණ විස්තරය මෙන්න -PHOTOS- - Colombocall

Hot News

ඕස්ට්‍රේලියාවම හොල්ලගෙන ඡන්දෙ ඉල්ලන මොරටුවේ ලාංකික තරුණයා ! සම්පූර්ණ විස්තරය මෙන්න -PHOTOS-








එළැඹෙන නොවැම්බර් මස 24 වැනිදා ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය වෙනුවෙන් ඩැන්ඩොංග් නුවර ලිබරල් පක්ෂ අපේක්ෂකයා ලෙස තරග කරන්නේ ශ්‍රීලංකිකයෙකි. ඔහු මොරටුවේ උපන් "විරෝෂ් පෙරේරා"ය.

වික්ටෝරියා ප්‍රාන්තයේ 5 වැනි විශාලතම නගරය "ඩැන්ඩොංග්" නගරයයි. "විරෝෂ් පෙරේරා" මීට වසර කිහිපයකට පෙර සිය පශ්චාත් උපාධිය සම්පූර්ණ කර ගැනීම සඳහා එක්සත් රාජධානියට ගොස් අනතුරුව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ අයෙකි.

වර්තමානයේ "වික්ටෝරියා" ප්‍රාන්තයේ බල පැවැත්වෙන කම්කරු ප්‍රතිපත්ති හේතුවෙන් ජීවන වියදමට සාපේක්ෂව විදුලි බිල ඉහළ යෑම, මාර්ග තදබදය, දුර්වල ‍පොදු ප්‍රවාහන සේවය, දේශීය රැකියා වියුක්තිය, පාරිතෝෂික අහිමිවීම ඇතුළු ජනතා ප්‍රශ්න ඉහළයෑම මෙන්ම මත් ජාවාරම් හා අපරාධ ඉහළ යෑමක් වර්ධනය වී ඇතැයි ඔහු පවසයි.

දරුවන්ට යහපත් අධ්‍යාපනයක් ඇති කරලීම සහ ව්‍යාපාර ක්‍ෂේත්‍රය දියුණු කිරීමට ධෛර්යදීම සඳහා ප්‍රතිපත්ති සකස් කල යුතු බවත් ලිබරල් පක්ෂ අපේක්ෂක විරෝෂ් පෙරේරා සඳහන් කරයි.

ඔහු වර්තමානයේදී වික්ටෝරියා ජනතාව අතර විවිධ සංස්කෘතීන්වල විවිධත්වය එක්ව සමරමින් කටයුතු කිරීම සඳහා වැඩ පිළිවෙළක් සකසා ඇති අතර කථිකාචාර්යවරයකු වශයෙන් ස්ප්‍රිංග්‍ලේන්හි "ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ඇකඩමියේ ව්‍යාපාර පීඨයේ" ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

ඔහුගේ ෆේස්බුක් ගිණුම නැරඹීමට පහත සබැඳියෙන් පිවිසෙන්න

https://www.facebook.com/virosh.perera?lst=100004747639387%3A529075990%3A1542511354