මෛත්‍රී අසරණ කරමින් අගමැති මහින්ද පොහොට්ටුවට යයි ! -PHOTOS- | Colombocall මෛත්‍රී අසරණ කරමින් අගමැති මහින්ද පොහොට්ටුවට යයි ! -PHOTOS- - Colombocall

Hot News

මෛත්‍රී අසරණ කරමින් අගමැති මහින්ද පොහොට්ටුවට යයි ! -PHOTOS-









ගරු අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් කිහිප දෙනෙක් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය ලබා ගත්තා.

ඒ අද පෙරවරු 11. 00 ට පමණ, විජේරාම නිල නිවසේදී.  මේ අතර තමා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතාද පවසනවා.

ඔහු අම්පාර ප්‍රදේශයේ ඊයේ (10) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේ.

තමන්  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු වීම කිසි විටෙකත් ජනාධිපතිවරයා සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රතික්ෂේප කිරිමක් හො එරෙහි වීමක් නොවන බව ඔහු එහිද වැඩි දුරටත් පැවසීය.


එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක් පහළින් නරඹන්න