සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුන් තිදෙනකුට බෙළිහුල් ඔය දිවි අහිමි කරයි -PHOTOS-
බලංගොඩ, බෙලිහුල් ඔයෙහි පහන්කුඩා වළ ප්‍රදේශයේ දිය නෑමට ගිය විශ්ව විද්‍යාල සිසුන් තිදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ දියේ ගිලෙමින් සිටි මෙම සිසුන් තිදෙනා ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ සබරගමුව විශ්ව විද්‍යාලයේ 03වන වසරේ ඉගෙනුම ලැබූ සිසුන් තිදෙනෙක්. ඔවුන් යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.