පුංචි පුතාගෙ උපන්දිනේට බිස්කට් එකක්වත් අරන් දෙන්න වත්කමක් නැති තාත්තා ඒ දුකට තමන් ගස් කපන මැෂින් එකෙන් බෙල්ල කපාගෙන ! -PHOTOS-VIDEO- | Colombocall පුංචි පුතාගෙ උපන්දිනේට බිස්කට් එකක්වත් අරන් දෙන්න වත්කමක් නැති තාත්තා ඒ දුකට තමන් ගස් කපන මැෂින් එකෙන් බෙල්ල කපාගෙන ! -PHOTOS-VIDEO- - Colombocall

Hot News

පුංචි පුතාගෙ උපන්දිනේට බිස්කට් එකක්වත් අරන් දෙන්න වත්කමක් නැති තාත්තා ඒ දුකට තමන් ගස් කපන මැෂින් එකෙන් බෙල්ල කපාගෙන ! -PHOTOS-VIDEO-








දරුවන්ගේ උපන්දිනය දවසට දරුවන් සතුටු කරන්න මව්පියන් විසින් විවිධ ආකාරයේ තෑගී අරන් දෙන එක සාමාන්‍ය දෙයක්. ගලේවෙල, වටගල,දේව හූව පුන්චි දරුවෙක් තමන්ගෙ උපන්දිනය දවසේ තාත්තගෙන් පොඩි බිස්කට් පැකට් එකක් අරන් දෙන්න කියලා අහිංසක ඉල්ලීමක් කරලා තියනවා.

ගස් කපලා අතු පෑහලා දරුවන් පෝෂණය කරපු තාත්තට ඒ වෙලාවේ බිස්කට් එකක් පුන්චි දරුවට අරන් දෙන්න සල්ලි තිබිලා නෑ.

ඒ නිසා ගෙදර තිබුණු ගස් කපන මැෂින් එක අරන් තාත්තා හන්දිය පැත්තට ගිහින් තියෙන්නේ ඒක විකුණලා සල්ලි අරගෙන බිස්කට් පැකට් එකක් දරුවට ගෙනත් දෙන්න.

ඒත් අවාසනාවට මේ මැෂින් එක ගන්න කවුරුත් කැමති වෙලා නෑ.  ඒ  නිසා මේ තාත්තට ඇතිවෙලා තියෙන්නේ පුදුම දුකක්.  ඇතිවෙච්ච දුක දරාගන්න බැරිවුණු මේ තාත්තා ගස් කපන මැෂින් එකෙන් බෙල්ල කපාගෙන සියදිව් හානිකර ගෙන.

මේ විදියට සියදිවි හානිකරගෙන තියෙන්නේ  "මහින්දසිරි සුජිත් කුමාර" කියලා දරුවන් හතරදෙනෙක් හිටපු තාත්තා කෙනෙක්.  මේ දරුවන්ට ඉන්න  කියලා හරිහැටි නිවසක්වත් නැහැයි කියල තමයි ආරංචිවුණේ. තාත්තා නැතිවුණු මේ දරුවන් මේ  වෙද්දී මවත් එක්ක තනිවෙලා ඉන්නේ.

තමන්ගේ දරුවන්ගේ උපන්දිනයට කාර්, ඉඩම් , වටිනා ෆෝන්, බයික් අරන් දෙන අරන් දෙන දෙමව්පියන් අතර උපන්දිනේට දරුවට බිස්කට් එකක් අරන් දෙන්න බැරි එදා වේල අපහසුවෙන් හොයාගෙන කාලා ජීවත් වෙන මිනිස්සුත් අපේ රටේ ඉන්නවා කියලා මතක් වෙද්දී අපි අපි ගැනම ලැජ්ජා හිතෙනවා.

ඒ පුන්චි දරුවන්ගේ ෆොටෝ සහ වීඩියෝව පහළින් නරඹන්න