පාර්ලිමේන්තුවේ සිටින මහින්දගේ මන්ත්‍රීවරු එළවන කුමන්ත්‍රණයක් හෙළිවේ ! සම්පූර්ණ විස්තරය මෙන්න( EXCLUSIVE)
"මට මේකෙ මේ ඉන්න මහින්දගෙ අයව ඔක්කොම එළවල දාලා මගේ උන් ටිකක් පාර්ලිමේන්තුවට දාගන්නෝන අගමැති තුමා.
කොහොමද ඒක කරන්නෙ."
"ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීකමේ ඉද්දි පක්ෂෙ මාරු කලාම පාර්ලිමේන්තු මන්ත්‍රී කම නැතිවෙනවනෙ...උන්ව පක්ෂෙන් යන තැනට වැඩකරන්නකො ජනාධිපතිතුමා..."
"වැඩක් නෑ අගමැතිතුමා..උන්ගෙම කියල පක්ෂෙකුත් තිබිලත් උන් යන්නෙ නැත්තෙ මන්ත්‍රීකම අහෝසි වෙන හින්දනෙ..උන් යන් නෑ."
"එහෙනම් ඔයා පාර්ලිමේන්තුව විසුරවන්න...හිතුමනාපෙට.."
"ඊට පස්සෙ..."
"විසුරවලා ජන්දයකට යන් කිව්ව ගමන්..ඕකුන් ඔක්කොම පොහොට්ටුවට යයි...
ඊළගට මිනිස්සු උසාවි යයි ඔයා වැරදි විදියට විසිරෙව්වා කියලා..
ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වම ඔයාගෙ තීරණය වැරදි ,පාර්ලිමේන්තුව විසුරවන්න බෑ කියලා,
පාර්ලිමේන්තුව ආයෙ රැස් කරන්න වෙනවනෙ."
"එතකොට අරුන් පක්ෂෙ මාරු කරල නිසා උන්ගෙ මන්ත්රීකම් අහෝසියි.
ඔයාගෙ වැඩේ හරි..."
"හරි අගමැතිතුමා ඔක්කොම හරි..කොහොමද එකපාරට ඔහොම එකක් කරන්නෙ"
"මොකක් හරි පිස්සුවක් කෙළින්න...අපෙ මිනිස්සුත් පක්ෂෙන් ඈත්වෙලා ඉන්න එකේ අපේ පක්ෂෙට රිදෙන එකක් කරන්න...එතකොට මිනිස්සු ආයෙ එකතුවෙනවනෙ "
මෙම සංවාදය තරුණයකු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙන අතර මෙය සැබෑ සිද්ධියක් ද එසේත් නැතිනම් ඔහු නිර්මාණශීලීව සිදු කරන ලද කතාවක්ද යන්න තවම හෙළි වී නොතිබේ. ඔහු එසේ ඉදිරිපත් කළ සටහනට අදාළ ඡායාරූපය පහළින්