එජාප නායකත්ව ගැටුම උග්‍ර වෙයි ! හැට පැනපු නාකි එක්ක බෑ - විස්තරය මෙන්න ! | Colombocall එජාප නායකත්ව ගැටුම උග්‍ර වෙයි ! හැට පැනපු නාකි එක්ක බෑ - විස්තරය මෙන්න ! - Colombocall

Hot News

එජාප නායකත්ව ගැටුම උග්‍ර වෙයි ! හැට පැනපු නාකි එක්ක බෑ - විස්තරය මෙන්න !





එළඹෙන මැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිලිබඳ ඇතිවන ගැටුම් මේ වන විට උග්‍ර මට්ටමට පැමිණ ඇති බව ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

එළබෙන මැතිවරණය සදහා එජාප අගමැති ධූර අපේක්ෂකත්වය ලබා දීම දෙකොටසකට බෙදී ඇති බවයි සඳහන් වෙන්නේ. පිරිසක් වත්මන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කරද්දී තවත් පිරිසක් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පල කිරීමත් සමග මෙම තත්වය හටගෙන තිබෙනවා.

පසුගියදා එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රීක් මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවතී මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කියා සිටියේ හැට පැනපු නාකීන් වෙනුවට එජාපය නව නායකත්වයකින් ඉදිරියට යා යුතු බවයි. එයට ගැලපෙනම පුද්ගලයා සජිත් ප්‍රේමදාස බවද සිටියා.

එජාපය ඉදිරියේදී සජිත් ප්‍රේමදාස සමග නව ගමනක් යාමට සුදානම් වන බවද ඒ සඳහා පාක්ෂිකයන්ට සුදානම් වී සිටින බවද ඔහු පවසා සිටියා.