කල් පැනපු කෝටියක තෙල් | Colombocall කල් පැනපු කෝටියක තෙල් - Colombocall

Hot News

කල් පැනපු කෝටියක තෙල්


රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කල්ඉකුත් වූ ආනයනික ඔලිව් තෙල් තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිය බාරයට ගෙන තිබේ.


එම අධිකාරිය වෙත ලද තොරතුරක් මත පිටකොටුව පරණ යෝන් වීදිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී එම ඔලිව් තෙල් තොගය ඔවුන් බාරයට ගෙන ඇති බව සඳහන්ය.

ඒවායේ සඳහන් වූ නියමිත කල් ඉකුත්වීමේ දිනය සහ නිෂ්පාදිත දිනය ඉවත් කොට නව දින ඇතුළත් ලේබල අලවා නැවත වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබියදී පාරිභෝගික අධිකාරිය බාරයට ‍ගෙන තිබේ.

සිද්ධියට අදාළ ව්‍යාපාරිකයා මාලිඟාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දඩ මුදලක් නියම කර මුදා හැරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

පාරිභෝගික අධිකාරිය බාරයට ගැනුණු ඔලිව් තෙල් තොගය විනාශ කිරීමට ද කටයුතු කර තිබේ.


(under the courtesy of adaderana.lk news web)