මෛත්‍රීගේ ඉල්ලීමට අනුව "මහින්ද රාජපක්ෂ" අගමැති ධූරයෙන් ඉල්ලා අස් වෙයි ! | Colombocall මෛත්‍රීගේ ඉල්ලීමට අනුව "මහින්ද රාජපක්ෂ" අගමැති ධූරයෙන් ඉල්ලා අස් වෙයි ! - Colombocall

Hot News

මෛත්‍රීගේ ඉල්ලීමට අනුව "මහින්ද රාජපක්ෂ" අගමැති ධූරයෙන් ඉල්ලා අස් වෙයි !







2018 .10.26 වනදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින්   රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉවත් කර  2015 දී තමන්ට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස පත් කරනු ලැබුවා.

එවන් නීතිවිරෝධී පත්කිරීමක්  යටතේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරය හැරයාමට අකමැති බව ප්‍රකාශ කරමින් අරලියගහ මන්දිරයේ රැඳී සිටියා.

ඉන් පසු නව ඇමති මණ්ඩලයක් ජනාධිපතිවරයා විසින් පත් කළ අතර පාර්ලිමේන්තුවද විසුරුවා හැරියා.

එසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම  නීති විරෝධී බව පවසමින් දහස් ගණන් ජනතාවක් මහපාරට  බසිනු ලැබූ අතර ඔවුන් තරයේ කියා සිට්යේ මෙලෙස මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත් කිරීම ව්‍යවස්ථා විරෝධී බවත් නැවත පාර්ලිමේන්තුව රැස් කර බහුතරය ඇත්තේ කාටදැයි විමසන ලෙසත් ය.

පසුව කතා නායකවරයා විසින් පාර්ලිමේන්තුව රැස් කර  විශ්වාසභංග යෝජනාවක් ගෙන එනු ලැබුවා.එය සම්මත වීමෙන් පසු  ආණ්ඩු පක්ෂයක් හෝ අගමැතිවරයෙන් නොමැති බව කතා නායකවරයා දැනුම් දුන්නා.

කෙසේ වෙතත් ඉන් පසු බහුතරය ඇත්තේ රනිල් වික්‍රමසිංහට බව පෙන්වා සිටි අතර මහින්ද පාර්ශවය සහ මෛත්‍රී පාර්ශවය ඊට විරෝධය පල කරමින් පාර්ලිමේන්තු පැමිණීමෙන් වැලකීද සිටියා.

නවතම  තත්වය සොයා බැලීමේදී ආරංචිමාර්ග කියා සිටින්නේ  ඊයේ(28) දින නිමල් සිරිපාල ද සිල්වා හරහා මෛත්‍රීපාල ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ වෙත විශේෂ පණිවිඩයක් යවා ඇති බවයි.  "බහුතරය නොමැති නිසා මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙස දැනුම් දෙන්න" යැයි ජනාධිපතිවරයා ඉතා සුහදව නිමල් සිරිපාල මහතා සමඟ ප්‍රකාශ කර තිබෙනවා.

බොහෝ විට අද  29 දින මහින්ද රාජපක්ෂ මහතා  අගමැති ධූරයෙන් ඉල්ලා අස් වෙනු ඇති බවටයි වාර්තා වෙන්නේ.


මේ අතර අද 29 විජයදාස රාජපක්ෂ  මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මෙලෙස බහුතරයක් නොමැතිව යන ක්‍රමවේදයට  තමන් අකමැති බවයි. බොහෝ දුරට විජයදාස රාජපක්ෂ නැවතත් රනිල් වික්‍රමසිංහ වෙත තම සහයෝගය ලබා දේ යැයි ආරංචි මාර්ග කියා සිටිනවා.