මහවිරු සැමරුම සඳහා ඩයස් පෝරාවෙන් මුදල් ලංකාවට ! විස්තරය මෙන්න | Colombocall මහවිරු සැමරුම සඳහා ඩයස් පෝරාවෙන් මුදල් ලංකාවට ! විස්තරය මෙන්න - Colombocall

Hot News

මහවිරු සැමරුම සඳහා ඩයස් පෝරාවෙන් මුදල් ලංකාවට ! විස්තරය මෙන්න










නොවැම්බර් 27 වනදාට යෙදෙන මියගිය කොටි සැමරීමේ මහවිරු සැමරුම සඳහා ස්‌විස්‌ කොටි ඩයස්‌පෝරාවේ "ස්‌විස්‌ ප්‍රැන්ක්‌"    50 000 ක මුදලක්‌ උතුරේ කොටි හිතවාදී සංවිධාන දෙකකට ලබාදී තිබෙනවා.

මෙම ඩයස්‌පෝරාවේ පස්‌ දෙනකුගෙන් යුත්ත වූ පිරිසක් සංචාරක වීසා මත යාපනයට පැමිණ තිබෙනවා. මෙලෙස ස්‌විස්‌ කොටි ජාලය ලබාදුන් අරමුදල්වලින් අලම්පිල් තෙරුවිල් කිළිනොච්චි යන ස්‌ථානවල මියගිය පැරණි කොටි සුසාන භූමි ශුද්ධ පවිත්‍ර කිරීම ආරම්භ කර තිබෙනවා.

මේ අතර උතුරේ ආරංචි මාර්ග පැවසුවේ යුරෝපා කොටි ඩයස්‌පෝරා නායක මරියදාස්‌ මොස්‌තෝද මහවිරු සැමරුම සඳහා උතුරට කණ්‌ඩායමක්‌ එවා ඇති බවයි.

මේ අතර මුලතිව් සෙම්මාලෙයි පළාතේ පිහිටි ගණ දෙවි කෝවිල අසල කිසියම් පිරිසක් විසින් බුදු පිළිමයක් තැන්පත් කිරීම පළාතේ සාමයට බාධාවක් නිසා එය ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත්‍රි ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය 16 දා සංස්කෘතික අමාත්‍යංශය වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කොට තිබෙනවා.

නමුත් පළාතේ ආරක්ෂක අංශ කියා සිටින්නේ මේ ස්ථානයේ 2012 වර්ෂයේ සිට බුදුපිළිමය තැන්පත් කොට තිබූ බවයි. එවකට මුලතිව් පළාතේ සිටි යුද හමුදා නිලධාරීන් ඔවුන්ගේ කඳවුර අසල එම බුදුමැදුර ඉදි කළ බවද ඊට ඔවුන් දිනපතාම වන්දනාමාන කළ බවද ආරක්ෂක අංශ නිලධාරීන් කියා සිටියි.

යුද්ධයෙන් පසුව මුලතිව් පළාතේ සාමාන්‍ය වැසියන් යළි පදිංචි වීමෙන් පසුව එම යුදහමුදා කඳවුර ඉවත් කළද බුදුමැදුර ඉවත් නොකළ බවද ආරක්ෂක නිලධාරීන් කියා සිටිනවා.

ගම්මානවල පදිංචි වූ වැසියෝ බුදුමැදුරට නුදුරින් ගණදෙවි කෝවිලක් පිහිටුවා ඇති අතර ඔවුන්ට එය ස්ථානයේ ඇති බුදුපිළිමය ඉවත් කරගැනීමට වුවමනා නිසා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරිය ලවා එය ඉටු කරගැනීමට දරණ උත්සාහයේ එක් ප්‍රථිපලයක් බවට ආරක්ෂක අංශ පෙන්වාදෙයි.