කතානායකට මිනීමැරුම් චෝදනා !
මිනිස් ඝාතනයක් සම්බන්ධව අනුබල දීම සම්බන්ධයෙන් කතානායක කරූ ජයසුරිය මහතාට චෝදනා එල්ල වීමක් සිදු කෙරෙනවා.
මෙසේ චෝදනා එල්ල කරනු ලබන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෂෙහාන් සේමසිංහ මහතායි.
කොළඹ අද (18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙලෙස චෝදනා කර සිටියා.
ඒ මහතා කියා සිටින්නේ මනුෂ්‍ය ඝාතනයකට අනුබල දීම සම්බන්ධයෙන් කතානායකවරයාට එරෙහිව පරික්ෂණයක් පැවැත්විය යුතු බවයි.
හෙට දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී සාධාරණ ලෙස ස්ථාවර නියෝගවලට අනුව කතානායකවරයා කටයුතු කළ යුතු බව ද මෙහිදී වැඩි දුරටත් අවධාරණය යොමු කෙරුණා.