දැරියගේ ශරීරයේ රහස් තැන් ස්පර්ශ කරමින් සැප ගත් වල් කපුවා මාට්ටු ! | Colombocall දැරියගේ ශරීරයේ රහස් තැන් ස්පර්ශ කරමින් සැප ගත් වල් කපුවා මාට්ටු ! - Colombocall

Hot News

දැරියගේ ශරීරයේ රහස් තැන් ස්පර්ශ කරමින් සැප ගත් වල් කපුවා මාට්ටු !







සූරියවැව මහගල්වැව ප්‍රදේශයේ පදිංචි 13 න් හැවිරිදි දැරියකට බරපතළ ලිංගික අතවර කළ කපුවකු මේ මස 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හම්බන්තොට මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ජේ.ඒ. නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළා.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පහළ දෙල්ගහහේන, වියලගොඩ, ඇහැලියගොඩ පදිංචි 62 හැවිරිදි මාදැල ආරච්චිගේ ජයසේන නමැති කපුවෙක්. ඔහු විවිධ ප්‍රදේශවල ඇවිද යමින් දේව යාතිකා කරන බවයි වාර්තා වෙන්නේ.

පසුගිය 21 වැනි දින සැකකරු සූරියවැව මහගල්වැව ප්‍රදේශයේ නිවෙසකට පැමිණ තිබුණේ හිතවතකුගේ දැනුම් දීමකට අනුව එම නිවෙසේ සිටි 13 හැවිරිදි දැරියකට යාතිකාවක් කිරීමටයි. ඒ දැරියට හටගෙන තිබූ බඩේ රුදාවක් සඳහා.

කපුවා දැරියට සුදු රෙද්දක් අන්දවා බඩේ රුදාව සඳහා යාතිකා කිරීම ආරම්භ කර මඳ වෙලාවකින් පසු මවට හා පියාටද එම ස්ථානයෙන් ඉවත් වෙන ලෙස දන්වා තිබෙනවා.

මඳ වේලාවකින් දැරියගේ මවුපියන් ගුරුකම් හා යාතිකාව සිදුවන අයුරු බැලීමේදී දැක ඇත්තේ කපුවා දැරියගේ රහස් ප්‍රදේශ අතපත ගාන ආකාරයයි.දෙමව්පියන් රහසේ බලා සිටින බව නොදැක දිගින් දිගටම කපුවා දැරියගේ අඟ පසඟ රිසි සේ ස්පර්ශ කිරීම සිදු කර තිබෙනවා.තව දුරටත් බලා සිටීමට නොහැකි වූ හෙයින් දෙමව්පියන් කෑගසා මේ බව අසල්වාසීන්ට දැනුම්දී තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ නිවැසියන් හා ගම්මුන් එක්ව කපුවාට බඩකට පිරෙන්න ගුටි පූජාවක් දී සූරියවැව පොලිසියට භාරදී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මවද සූරියවැව පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවත් වර්තා වෙනවා.

අත්අඩංගුවට පත් කපුවා සූරියවැව පොලිසිය විසින් හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 30 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර දැරිය අධිකරණ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා ලෙසද නියෝග කෙරුණා.

තංගල්ල කොට්ඨාස පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් පරිදි සූරියවැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කේ.කේ. රංගජීව, උප පොලිස් පරීක්‍ෂක දර්ශන, පොලිස් සැරයන් වීරකෝන් (10546) ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් තමයි සැකකරු අත්අඩගුවට ගත්තේ.