නැවතත් මෛත්‍රී , රනිල් හවුලකට රනිල්ගේ කැමැත්තක් !
තමන් හට පාර්ලිමේන්තුවේදී බහුතරය පෙන්වීමට අවස්ථාවක් ලබාදෙන්නේ නම් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඉදිරියේදී කටයුතු කිරීමට සූදානම් බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඉන්දියාවේ ද හින්දු පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
" මට ඔහුත් සමග වැඩ කිරිමේ ගැටලුවක් නෑ. මේ ප්‍රශ්ණය ඔබ ඇසිය යුත්තේ ඔහුගෙන්. ව්‍යවස්ථාවේ පක්ෂග්රාහීව කටයුතු කරන්න ඉඩ ලබා දී නෑ.”
එසේම පාර්ලිමේන්තුව ඉක්මනින්ම කැඳවිය යුතු බවත් බවත් ඔහු පවසයි.
ඔවුන් පාර්ලිමේන්තුව නොකැඳවීමෙන් පෙනෙන්නේ ඔවුන්ට අංක නැත බවයි. ප්‍රමාද කිරීම ගැන මම කනගාටුවෙනවා මොකද මේ හරහා රට අස්ථාවර වෙනවා" යනුවෙන් කියා තිබෙනවා.