ජනපති සහ අගමැති හදිසියේම හමුවෙයි | Colombocall ජනපති සහ අගමැති හදිසියේම හමුවෙයි - Colombocall

Hot News

ජනපති සහ අගමැති හදිසියේම හමුවෙයි





ජනපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරු අතර විශේෂ හමුවක් අද (12) දිනයේ පැවැත්වීමට නියමිතයි.

එම සාකච්චාව තුලදී ඉදිරි මැතිවරණයට තරගවදින ආකාරය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ අනුව තරග වදින පක්ෂය හා ලකුණු පිළිබඳව ද මෙහිදී වැඩි අවධානයක් යොමු කරන බවයි වාර්තාවන්නේ. මින් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලූ පක්ෂ නායකයින් ද ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා මුණගැසීමටයි නියමිතව බව ද වාර්තාවනවා.

ජනාධිපතිවරයා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතර හමුවක් ද ඊයේ (11) රාත‍්‍රියේ පැවැත්වුණා. මැතිවරණය සම්බන්ධයෙන් හා ඊට මුහුණදෙන ආකාරය පිළිබඳව මෙතුලදී සාකච්චා වී ඇති බවයි වර්තාවුයේ.

කෙසේ වෙතත් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා ඇතුළු පිරිස ප්‍රකාශ කර සිටියේ පොහොට්ටුව ලකුණින් පුළුල් සන්ධානයක් ලෙස ඉදිරි මැතිවරණයේදී තරග වදින බවයි. නාමල් රාජපක්ෂ වැනි මන්ත්‍රීවරුන්ද සිය ට්විටර් ගිණුමේ පොහොට්ටුව ලකුණින් මැතිවරණයට ඉදිරිපත්වන බව සඳහන් කර තිබුනා.