පක්ෂපාති කතානායකවරයෙක් පිළිගන්න බැහැ ! - ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව හැර යයි | Colombocall පක්ෂපාති කතානායකවරයෙක් පිළිගන්න බැහැ ! - ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව හැර යයි - Colombocall

Hot News

පක්ෂපාති කතානායකවරයෙක් පිළිගන්න බැහැ ! - ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව හැර යයි





එක්සත් ජාතික පක්ෂයට යටත්ව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යන කතානායකවරයෙක් බවට කරූ ජයසූරිය මහතා පත්වී ඇති බවට දිනේෂ් ගුණවර්ධන කියා සිටිනවා.

පසුගිය 15දා සිට ආණ්ඩුවක් නොමැති බව කල ප්‍රකාශයට විරුද්ධව ඔහු මෙලෙස කියා සිටියේ අද (23) පැවතී පාර්ලිමේන්තු සැසිවාරයේදීයි.

තේරීම් කාරක සභාව සඳහා සුළුතර ආණ්ඩු පැවති අවස්ථාවන්හිදී පවා ආණ්ඩු පක්ෂයට වැඩි නියෝජනයක් ලබාදුන් බව දිනේෂ් ගුණවර්ධන මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

තවද මෙම අවස්ථාවේ අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා ද කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පිළිගන්නා බවත්, අගමැතිවරයා සහ සභා නායකවරයා පිළිගන්නේ නැත්නම්, කතානායකවරයාද තමන් පිළිනොගන්නා අතර, එසේනම් පාර්ලිමේන්තුව අතහැර යනබවයි.