"මනුෂ නානායක්කාර" ඇමති කමින් ඉල්ලා අස්වෙයි | Colombocall "මනුෂ නානායක්කාර" ඇමති කමින් ඉල්ලා අස්වෙයි - Colombocall

Hot News

"මනුෂ නානායක්කාර" ඇමති කමින් ඉල්ලා අස්වෙයි











පසු ගිය දිනක ජනාධිපති ඉදිරියේ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දුන් මනුෂ නානායක්කාර මහතා සිය නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී තිබෙන බව වාර්තා වෙනවා.

එස්.බී දිසානායක විසින් පාළිත රංගෙ බණ්ඩාර මහතා අමතා ඔවුන්ගේ කණ්ඩායමට සහයෝගය දක්වන ලෙස සිදු කළ දුරකථන සංවාදය  මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු බොහෝ දෙනෙක් අතර මෙම මුදලට බිලී බා ගැනීම සනාථ වුණා.

මේ නිසා දුනේෂ් ගංකන්ද මහතා අමතා මුදලට අමාත්‍යධූර සඳහා විකිණුනා නේද යැයි අසමින් ලබා ගත් මනාප අතරින් තමන්ටත් අයිතියක් ඇතැයි කියමින් යම් පුද්ගලයකු අමාත්‍යවරයා ලබා ගත් කෝටි ගනනින් තමාගේ කොටස වහාම ලබා දෙන ලෙස ඉල්වා සිටි හඬ පටයක්ද අසන්නට ලැබුනා.

මනුෂ නානායක්කර මහතා කුමන හේතුවක් නිසා එසේ අමාත්‍ය ධූරයෙන්  ඉවත් වූවාදැයි වාර්තා වී නොමැති අතර ඒ පිලිබඳ තොරතුරු ලද විගස වාර්තා කිරීමට බලාපොරොත්තු වෙනවා

මනුෂ නානායක්කාර ඉල්ලා අස්වීම ප්‍රකාශ කළ මාධ්‍ය සකච්ඡාව පහත සබැඳියෙන් නරඹන්න
https://www.facebook.com/madyawediya/videos/344084236156441/