පළාත් සභා මැතිවරණයටත් පාර්ලිමේන්තු අනුමැතිය !
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණ ක්‍රමය පෙර පවතී ආකාරයටම පැවත්විමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යවන බව මැතිවරණ කොමිෂන් සභාව කියා සිටිනවා.
අතිරේක මැතිවරණ කොමසාරිස් එම් එම් මොහොමඩ් මහතා පවසා සිටින්නේ ඒ සඳහා පළාත් සභා ඡන්ද විමසීම් පනතද සංශෝධනය කළ යුතු බවයි.
මෙසේ පාර්ලිමේන්තු අනුමැතිය ලැබෙන්නේ නම් මාස 02ක් තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇති බව ඒ මහතා වැඩි දුරටත් අදහස් දැක්වුවා.
කෙසේ වුවත් නව ආණ්ඩුවේ පාර්ශව ප්‍රකාශ කර ඇත්තේ මාස 3 ක් ඇතුළත පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයටම පැවැත්වීමට කටයුතු කරන බවයි.