හොඳම විසඳුම මැතිවරණයක් ! | Colombocall හොඳම විසඳුම මැතිවරණයක් ! - Colombocall

Hot News

හොඳම විසඳුම මැතිවරණයක් !





පවතින දේශපාලන වාතාවරණ හමුවේ හොඳම විසඳුම ජනතාවගේ මැතිවරණයක් පැවැත්වීම බවට සියලුම ආගම් වල නායකයින් පෙන්වා දෙනවා.

ඊයේ (18) සර්ව ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් සමස්ථ ලංකා බෞද්ධ සම්මේලනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මොවුන් මෙසේ සඳහන් කර සිටියා.

වත්මන රට තුල පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් කියා සිටියේ අර්බුදය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ගත හැකි සුදුසුම ක්‍රියාමාර්ගය මැතිවරණය පැවැත්වීම බවයි.

එයට එක වූ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත්  හිමිපාණන් ද මෙහිදී අදහස් මේ පිළිබඳව අදහස් දක්වා සිටියා.