පාර්ලිමේන්තුව කැඳවන්න යැයි සිරිසේන ජනාධිපතිට ඇමරිකාවෙන් නියෝගයක් !
උද්ගතව ඇති දේශපාලන අර්බුදය විසඳීමට හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි අමෙරිකාව ජනාධිපතිවරයාට යලි දැනුම් දී තිබෙනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එරට රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා හෙදර් නවර්ට් මහත්මිය සඳහන් කලේ පාර්ලිමේන්තුව කැඳවීම ප්‍රමාද වීම හමුවේ ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තරයේ පවතින ප්‍රතිරූපය බිඳවැටිය හැකි බවයි.
යහපාලනය සහ ස්ථාවරභාවය පිළිබඳ බලාපොරොත්තු එමගින් අඩාල විය හැකි බවද ඇය පෙන්වා දෙනවා.
මේ අතර ආසියාව සහ පැසිෆික් කලාපය සඳහා වන බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍ය මාර්ක් ෆීල්ඩ් මහතා සඳහන් කලේ බ්‍රිතාන්‍ය විසින් පිළිගනු ලබන්නේ රාජ්‍යයන් මිස රජයන් නොවන බවයි.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වහා කැඳවිය යුතුය යන ස්ථාවරයෙහි අඛණ්ඩව රැඳී සිටින බවයි.