"දඹර අමිල හිමිට පසුගිය රජයෙන් මාසයකට අනූ පන්දාහක් ගෙවලා" උසාවියේදි හෙළිවෙයි! | Colombocall "දඹර අමිල හිමිට පසුගිය රජයෙන් මාසයකට අනූ පන්දාහක් ගෙවලා" උසාවියේදි හෙළිවෙයි! - Colombocall

Hot News

"දඹර අමිල හිමිට පසුගිය රජයෙන් මාසයකට අනූ පන්දාහක් ගෙවලා" උසාවියේදි හෙළිවෙයි!








පුරවැසි බලය, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ආදි දේශපාලන සංවිධාන වලට සම්බන්ධ වී සක්‍රිය දේශපාලනයට සහභාගී වන දඹර අමිල හිමිට පසුගිය රජයෙන් මුදල් ගෙවා තිබෙන බවට හෙළිව තිබෙනවා. ඒ රජයට හිමි ලිට්රෝ ගෑස් සමාගමේ අලෙවි ප්‍රවර්ධන කටයුතු සදහා බව පවසමින්.

මේ අනුව දඹර අමිල හිමිට මාසිකව රුපියල් 95,000 ක මුදලක් ලිට්‍රෝ සමාගමෙන්  ලබාදී ඇති බවට විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණයේදී අනාවරණ වුණා. ඒ, හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදුන් ලිට්රෝ ගෑස් සමාගමේ ප්‍රධාන මූල්‍ය පාලකවරයාගෙන් සිදුකළ හරස් ප්‍රශ්න විමසීමකදීයි.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වූ වීරසිංහ මල්ලිමාරච්චිගේ පුත් ජනක මල්ලිමාරච්චි ඇතුළු 40 දෙනෙකු පමණ මාස්පතා රුපියල් 75,000 සිට ලක්ෂයක් දක්වා මුදලක් ලිට්රෝ ගෑස් සමාගමෙන් පසුගිය වසර තුනක් පුරා ගෙවා ඇති බවද අනාවරණ වී තිබෙනවා.

මෙහිදි ලිට්රෝ ගෑස් සමාගමේ ප්‍රධාන මූල්‍ය පාලකවරයා ප්‍රකාශ කළේ පසුගිය රජයේ මුදල් අමාත්‍යංශය විසින් මෙලෙසට දඹර අමිල හිමිට මාසිකව 95,000ක මුදලක් ගෙවන ලෙසට සිය කළමණාකාරීත්වයට නියෝග ලැබුනු බවයි.

කෙසේ වෙතත් මෙලෙසින් ජනතාවගේ මුදල් දේශපාලන ක්‍රියාකාරිකයන් වෙනුවෙන් ලබා දී දූෂණය කිරීම සමාජජාලා මාධ්‍යයන්ගේ දැඩි විරෝධයට ලක්ව තිබුනා.