හෙළිකොප්ටරයක් කළ හරියක් ! මෙන්න විස්තරේ | Colombocall හෙළිකොප්ටරයක් කළ හරියක් ! මෙන්න විස්තරේ - Colombocall

Hot News

හෙළිකොප්ටරයක් කළ හරියක් ! මෙන්න විස්තරේ







දින කීපයක් තිස්සේ මාරවිල,මහවැව,වෙන්නප්පුව සහ නාත්තන්ඩිය ප්‍රදේශ වල සැරිසරණ හෙලිකොප්ටර් යානයක් හේතුවෙන් එම ජනතාව භීතියට පත්ව ඇති බව වාර්තා වෙනවා. පෙරවරු 9.00 - 10.00 ත් අතර කාලය තුළ පැමිණෙන මෙම හෙලිකොප්ටර් යානය ඉතාමත්ම පහළින් පියාසර කිරීම හේතුවෙන් ප්‍රදේශයේ පාසල් කීපයක දරුවන්ද කලබලය පත්ව  තිබෙනවා.

 07 වෙනිදා වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යා ලයට සමීපවද, 08 වැනිදා මහවැව මහා විද්‍යාලයට සමීපයෙන්ම මෙම හෙලිකොප්ටර් යානය ගමන් කර තිබෙනවා.

තම පාසලයේ වහළයට ආසන්නයෙන් ගමන් කරන හෙලිකොප්ටර් යානය දැක මහවැව මහා විද්‍යාලයේ ඉගෙණුම ලබමින් සිටි දරුවන් කලබලයට පත්ව ඇති අතර පසුව එම දරුවන්ගේ මව්පියන් විසින් මේ බව මාරවිල පොලීසියට දැණුම් දීමටද කටයුතු කර තිබෙනවා.

ගමන් කර ඇත්තේ ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක්ද,එසේත් නැත්නම් පුද්ගලික ආයතනයකට අයත් එකක්ද යන්න සම්බන්ධයෙන් සොයා බලන බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.