ජනපතිගේ කුමන්ත්‍රණ නිසා රට අරාජිකයි ! | Colombocall ජනපතිගේ කුමන්ත්‍රණ නිසා රට අරාජිකයි ! - Colombocall

Hot News

ජනපතිගේ කුමන්ත්‍රණ නිසා රට අරාජිකයි !





වර්තමානය වන විට රටේ ආර්ථික තත්ත්වය ඉතා අයහපත් මට්ටමකට පැමිණ ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර කියා සිටිනවා.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී අද (23) පැවති සභාවාරයට එක්වෙමිනුයි.

පවතින අරාජික කුමන්ත්‍රණ නිසා මෙලෙස රට ආර්ථික වශයෙන් දරුණු ලෙස කඩා වැටීමකට ලක් වී තිබෙන බවත්, ඩොලරය ඉහළ ගොස් ඇති බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

කථානායකවරයා සහ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කියන ආකාරයට මේ රටේ නිත්‍යානුකුල ආණ්ඩුවක් නැහැ. 2019 වසරේ ජනවාරි ඉදලා අපි තවත් ගැටළු වලට මුහුණ දෙනවා යනුවෙන් ඒ මහතා කියා සිටියා.