මෛත්රී , මහින්ද ආණ්ඩුවෙන් බොදු බල සේනාවට අධි පීඩක ජල ප්රහාරයක් !
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙමින් සිටි බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේලා පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්රහාරයක් එල්ල කර තිබෙනවා.
දැනට සිරගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන මෙන් ඉල්ලා මෙම පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ යෙදුනා.
ඒ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය අවට මාර්ග වල රථවාහන තදබදයක්ද පැවතුනා.