මහින්ද - මෛත්‍රී එකට තියලා පරද්දන්න අපි ලෑස්තියි ! චම්පිකගෙන් සැර කතාවක් | Colombocall මහින්ද - මෛත්‍රී එකට තියලා පරද්දන්න අපි ලෑස්තියි ! චම්පිකගෙන් සැර කතාවක් - Colombocall

Hot News

මහින්ද - මෛත්‍රී එකට තියලා පරද්දන්න අපි ලෑස්තියි ! චම්පිකගෙන් සැර කතාවක්











නීත්‍යානුකූල ආණ්ඩුවක් යටතේ ව්‍යවස්ථානුකූලව ඕනෑම අවස්ථාවක මැතිවරණ පැවැත්වීමට හැකියාව පවතින බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන විරෝධතා රැළි මාලාවේ මහනුවර දිස්ත්‍රික් රැළියට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා. එහිදී එ මහතා පැවසුවේ එක්සත් ජාතික පක්ෂය මැතිවරණයකට සුදානම් බවයි.

විරෝධතාවට එක්වීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

මහනුවරට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා  උදෑසන මල්වතු මහ විහාරයට ගොස් ප්‍රථමයේන් මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි මහ විහාරයට ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

ඉන්පසු එක්සත් ජාතික පක්ෂය විසින් අද මහනුවර නගරයේ සංවිධාන කළ -යුක්තියේ ජනහඩ-  වි‍රෝධතාවට රනිල් වික්‍රමසිංහ මහතා එක් වුණා.

සුදුහුන්පොළ ප්‍රදේශයෙන් අරම්භ වු වි‍රෝධතාවට එක්වු එක්සත් ජාතික පාක්ෂිකයින් පෙළපාළියෙන් මහනුවර නගරයේ ඔරලෝසු කණුව අසලට පැමිණියාය. අනතුරුව එහිදි වි‍රෝධතා රැලිය පැවැත්වුණු අතර ඊට එක්සත් ජාතික පක්ෂය නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ නායකයින් එක්ව සිටියා.

මෙහිදී අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේ මහින්දයි මෛත්‍රීයි එකට තියලා පරද්දන්න අපි ලෑස්තියි යනුවෙන්. ඔහු වැඩිදුරටත් කළ ප්‍රකාශය පහතින්.