එල්.ටී.ටී.ඊ. හිටපු නායකයෙක් අභිරහස් ලෙස මිය යයි | Colombocall එල්.ටී.ටී.ඊ. හිටපු නායකයෙක් අභිරහස් ලෙස මිය යයි - Colombocall

Hot News

එල්.ටී.ටී.ඊ. හිටපු නායකයෙක් අභිරහස් ලෙස මිය යයි







එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මුලතිව් දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශීය නායක ජෙෆ්රි විජිතන් නැමති පුද්ගලයා ඔහුගේ නිවසේදීම නිදා සිටියදී මිය ගොස් තිබෙනවා.

මිය යනවිට මොහු 37 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව වසර දෙකක කාලයක් රජයේ පුනරුත්ථාපන වැඩ පිළිවෙල යටතේ පුනරුත්ථාපනය වූ අතර, පුනරුත්ථාපනය වීමෙන් පසුව ඔහු සිය බිරිද හා දරුවන් දෙදෙනා සමග මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ ජීවත් වී තිබෙනවා.

නිවැසියන් ප්‍රකාශ කල සිටියේ  12 දා රාත්‍රි නින්දට ගොස් ඇති අතර ඔහු නින්දේදීම මිය ගොස් තිබූ බවයි.

කෙසේ වෙතත් ඔහුගේ බිරිඳ පවසා ඇත්තේ ඔහුට කිසිදු අසනීපයක් හෝ අපහසුතාවයක් නොතිබුනු බවයි.

මියගිය අය සම්බන්ධයෙන් මුලතිව් රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු මිය යාමට හේතුව පැහැදිලිව අනාවරණය නොවීම නිසා අධිකරණ නියෝග මත මියගිය අයගේ සිරුරේ කොටස්  රජයේ වෛද්‍ය රසායනාගාරය වෙත වැඩිදුර පරීක්ෂණ සඳහා යවා ඇති බවයි වාර්තා වෙන්නේ.