එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රීවරුන් පිරිසක් ස්වාධීන වෙයි ! | Colombocall එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රීවරුන් පිරිසක් ස්වාධීන වෙයි ! - Colombocall

Hot News

එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රීවරුන් පිරිසක් ස්වාධීන වෙයි !








රට තුළ තවදුරටත් ව්‍යවස්ථා විරෝධීමය කටයුතු සිදුවෙන්නේ නම් පාර්ලිමේන්තුව තුළ තමන් ස්වාධින වීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් වෙත දැනුම් දී ඇතැයි වාර්තා වෙනවා.

 එසේ ස්වාධීන වුවහොත් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසන අවස්ථාවක එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් ඡන්ද ලබාදීමට නොහැකි බවයි ඔවුන්  සදහන් කර සිටින්නේ

පාර්ලිමේන්තුව තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයට බහුතරයක් නොමැති බව සියලු දෙනාටම පැහැදිලි කාරණයක් බවත්, ඒ බව දැන දැන ව්‍යවස්ථා විරෝධී කටයුතු සිදු කිරීම රට තවදුරටත් අගාධයට ඇද දැමීමක් සිදුවන බවද මොවුන් පවසා තිබෙනවා.

එවැනි පාප කර්මයකට දායකවීමට කිසිදු අදහසක් නොමැති බවත්, ඒ හේතුවෙන් මෙලෙස ස්වාධීන වීමට තීරණය කළ බවයි එම පිරිස දැනුම් දී ඇත්තේ.