ජවිපෙ සහයත් රනිල්ට ! | Colombocall ජවිපෙ සහයත් රනිල්ට ! - Colombocall

Hot News

ජවිපෙ සහයත් රනිල්ට !





ජනපතිවරයා විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වෙත බලය ලබා දී අගමැති බවට පත් කිරීම ව්‍යවස්ථාවට අනුව පටහැනි බව ජනතා විමුක්ති පෙරමුණ පවසා සිටිනවා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ බව වැඩිදුරටත් ප්‍රකාශ කරමින් කියා සිටියේ අගමැතිවරයා පත් කිරීම හෝ ඉවත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදුවිය යුතු බවයි.

ඔහු මෙලෙස අදහස් දක්වා සිටියේ පාර්ලිමේන්තුවේ දී අද (02) පැවති පක්ෂ නායකයින් සමඟ කරූ ජයසූරිය මහතා පැවැත් වු සාකච්ඡාවට එක්වෙමිනුයි.

පවතින ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව කඩිනමින් රැස් කළ යුතු බව පවසා සිටින ඒ මහතා ජනාධිපතිවරයා එය ද උල්ලංඝනය කර ඇති බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.