පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි | Colombocall පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි - Colombocall

Hot News

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි





දේශපාලන ක්‍රියාවලිය තුල මේ වන විට වර්තමානයේ ගැටුම්කාරී තත්වයන් මත අද(19) දවසේද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

අද දින පස්වරු 1.00ට පමණ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වන බවයි කථානායක කාර්යාලය නිවේදනය කළේ.

පසුගිය 15 වන දින පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව ඇති වූ ගැටුම් හේතුවෙන් අද දිනය දක්වා කල් තැබීමට කතානායකවරයා පියවර ගන්නා ලදී.

අද දහවල් 12.00ට පමණ පක්ෂ නායක රැස්වීමක් ද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.