ශ්‍රී ලංකා කණ්ඩායමට චන්දිමාල්ගේ නායකත්වය අවිනිශ්චිතයි ! | Colombocall ශ්‍රී ලංකා කණ්ඩායමට චන්දිමාල්ගේ නායකත්වය අවිනිශ්චිතයි ! - Colombocall

Hot News

ශ්‍රී ලංකා කණ්ඩායමට චන්දිමාල්ගේ නායකත්වය අවිනිශ්චිතයි !





ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන මීළඟ ටෙස්ට් කි‍්‍රකට් තරගය සඳහා නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්ගේ සහභාගී වීම අවිනිශ්චිත බව වාර්තා වනවා.

දෙරට අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා ක්‍රීඩා කිරීමට කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් හට නොහැකිවනු ඇතැයි වෛද්‍යවරු සඳහන් කර සිටිනවා. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පැවැති ශාරිරික යෝග්‍යතා පරික්ෂණයෙන් දිනේෂ් චන්දිමාල් අසමත් වී ඇති බවයි කි‍්‍රකට් ආරංචි මාර්ග පවසා සිටින්නේ.

සිය ආබාධය හේතුකොටගෙන පල්ලෙකැලේ කී‍්‍රඩාංගනයේ පැවැති දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයටද මොහු සහබාගි වූයේ නැහැ.

එහිදී නායකත්වය ලබා දුන් සුරංග ලක්මාල් මෙවර තරන්ගයටද නායකත්වය ලබා දෙනු ඇති බවයි ක්‍රිකට් විචාරකයන් පවසා සිටින්නේ.

දෙරට අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය එළඹෙන සිකුරාදා කොළඹ එස් එස් සී කී‍්‍රඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.