පියසේන ගමගේ, "මහින්දගෙයි", "මෛත්‍රීගෙයි" කෙරුවාව හෙළි කරයි ! | Colombocall පියසේන ගමගේ, "මහින්දගෙයි", "මෛත්‍රීගෙයි" කෙරුවාව හෙළි කරයි ! - Colombocall

Hot News

පියසේන ගමගේ, "මහින්දගෙයි", "මෛත්‍රීගෙයි" කෙරුවාව හෙළි කරයි !









අවසාන මොහොතේ දී කැබිනට් මණ්ඩලය නම් කිරීමේ දී හෝ ගාල්ල ජනතාව වෙනුවෙන් මා හට කැබිනට් ඇමතිධුරයක් ලබා දුන්නේ නම් මේ අවස්ථාවේ විපක්ෂයට යාමට ගත් තීන්දුව නොගනඉදීමට තිබුණු බව ගාල්ල දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා පවසනවා.  මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසුවා.

"පසුගිය වසර 49 ක කාලයක් පුරා මම ශ්‍රීලනිපයට සේවය කරා. වසර 30 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් සේවය කරා. ගාල්ලේ ජනතාව දන්නවා මම ගැන. මහින්ද මෛත්‍රී ආණ්ඩු දෙකම මට සැලකුවේ නෑ. මහින්ද ආණ්ඩුව මාව ජ්‍යෙෂ්ට අමාත්‍යවරයෙක් කලා. මෛත්‍රී ආණ්ඩුව මට දුන්නෙත් රාජ්‍ය ආමාත්‍යධුරයක්.

දින 100 ආණ්ඩුවට එකතු වුන නිසා තමයි 2015 මැතිවරණයේ දී මට ඡන්ද අඩුවුනේ. ඒ අවස්ථාවේ දී චන්දිමට කැබිනට් ඇමතිකමක් දුන්නා. කමක් නෑ. මම ඒ වෙලාවේ හිටියේ නෑනේ. නමුත් එතුමා ඒ ඇමතිකම දාලා ගියපු වෙලාවේ මට කැබිනට් ඇමතිකමක් දෙන්න තිබුණා. නමුත් දුන්නේ නෑ. එදා දින 100 අණ්ඩුවට එකතු වීම නිසා පරාජය වු මට ජාතික ලයිස්තු මන්ත්‍රීදුරයක් වත් දුනේ නෑ. මම පස්සේ නීතිය අනුව සිදුවුන හිඩස නිසා පාර්ලිමේන්තු ආවා.

මේ හැම කෙනෙහිලි කමක්ම මම ඉවසාගෙන හිටියා. මම මේ තීරණය ගත්තේ ඉදිරියේ දේශපාලනය නොකරත් කමක් නෑ කියලා හිතාගෙන. මේ තීරණය ගන්න අවස්ථාවේ මම ඇත්තටම හිටියේ පීඩනයකින්. ඉතින් ඒ පීඩනයට මේ පාර්ලිමේන්තුව ඇතුලේ සිදුවුන දේවලුත් එකතු වුනාම මාව මේ තීරණයට පෙළඹුනා. මේ ගොල්ලෝ ගාව හිටියා කියලා ගාල්ලේ ජනතාවට සේවයක් කරන්න මට ලැබෙන්නේ නෑ. ඒ නිසා මට තීරණයක් ගන්න වුනා.

ශ්‍රීලනිපය වෙනම ඉල්ලපු පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී කොට්ඨාසයක් හෝ දිනුවේ මගේ නායකත්වයෙන් මගේ ආසනයේ විතරයි. ගාල්ලේ ශ්‍රීලනිපයේ අය පෙහොට්ටුවට යනකොට මම තමයි ඉන්න මන්ත්‍රීවරු ටික රැකගෙන පක්ෂය රැගන්න කටයුතු කරේ. ඒ වුනාට ඒ වෙනුවෙන් මට ගාල්ලේ ජනතාවට සැලකිල්ලක් ලැබුනේ නෑ."