දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් මහකොමසාරිස්වරුන් හමුවීමේ සූදානමක් ! | Colombocall දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් මහකොමසාරිස්වරුන් හමුවීමේ සූදානමක් ! - Colombocall

Hot News

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් මහකොමසාරිස්වරුන් හමුවීමේ සූදානමක් !









දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් මෙරට සිටින මහකොමසාරිස්වරුන් හමුවීමට සූදානම් වනවා.

ඒ, රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිළි කිරීම සඳහායි.

වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කිරීමට දෙමළ ජාතික සන්ධානය ගත් තීරණය සම්බන්ධයෙන් මෙහිදී කරුණු පැහැදිළි කිරීමටයි ඔවුන් සූදානම් වන්නේ.

 ඒ අනුව මෙරට සිටින පොදු රාජ්‍ය මණ්ඩලය නියෝජනය කරන සියලූම රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවී සාකච්ඡා කරන බව දෙමළ ජාතික සන්ධානය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ප්‍රකාශ කර ඇත්තේ දැනට රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය හමුවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුමක් අපේක්ෂා කිරීම අර්ථ ශූන්‍ය කටයුත්තක් බවයි. ව්‍යවස්ථා සංශෝධනයක් කරා යාමටද කිසිසේත්ම හැකියාවක් නොමැති බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.