"මහින්ද" නිල නිවසේ සිට පාර්ලිමේන්තු එන්නෙත් දැන් හෙළිකොප්ටරයෙන් ! එක වාරයකට ලක්ෂ දහයක් වැය වෙනවා ! ෆොන්සේකාගේ හෙළිදරව්ව
කථානයවරයා සමඟ පැවති පක්ෂ නායක රැස්වමේදී කරුණු තුනක් සම්බන්ධයන් යෝජනා තුනක් ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.
පක්ෂනාය රැස්වීමේ දී ප්‍රථමයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර ගත් බවත් දෙවනුව පාර්ලිමේන්තුව කැඳවා කල් තබා ගැනීමට එකඟවු බවත් රාජිත සේනාරත්න මහතා කියා සිටියා.
මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහා මුල්‍ය පහසුකම් අත්හිටුවන් ලෙස තුන්වන යෝජනාව ඉදිරිපත් කළ බව ද රාජිත සේනාරත්න මහතා මෙහිදී සඳහන් කළා.
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විජේරාමේ පවතින නිල නිවසේ සිට පාර්ලිමේන්තුවට පැමිණෙන්නේද හෙලිකොප්ටරයෙන් බව හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැවසුවා.
ඒ සඳහා රුපියල් ලක්ෂ10ක පමණ වියදමක් දැරීමමට සිදුවන බවත් එම බිල්පත් සඳහා අත්සන් කරන රාජ්‍ය සේවකයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සඳහන් කළා.