" අවා " පාතාල කල්ලියේ නායකයා අධිකරණයට බාරවෙයි ! | Colombocall " අවා " පාතාල කල්ලියේ නායකයා අධිකරණයට බාරවෙයි ! - Colombocall

Hot News

" අවා " පාතාල කල්ලියේ නායකයා අධිකරණයට බාරවෙයි !





උතුරු පළාතේ කලක සිටන් පාතාල මර ක්‍රියාකාරකම් මෙහෙයවනු ලැබූ ප්‍රසිද්ධ කණ්ඩායමක් වන " අවා " කල්ලියේ නායක මෝහන් අශෝක් නැමැත්තා අධිකරණයට භාර වී තිබෙනවා.

ඊයේ ( 28 ) දිනයේ දී මෙලස යාපනය මල්ලාකම් අධිකරණයට මොහු භාරවීමෙන් අනතුරුව දෙසැම්බර් 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා මල්ලාකම් අධිකරණ මහේස්ත්‍රාත් ඒ. ඇලෙක්ස්රාජා මහතා නියෝග කර තිබෙනවා.

තවදුරටත් පාතාල සම්බන්ධ ක්‍රියාකාරකම් නොකරන බවට සහතික වෙමින් නීතිඥයෙකු මාර්ගයෙන් මෙලෙස අධිකරණයට භාර වී ඇත්තේ ආරක්ෂක අංශ විසින් වර්තමානයේදී උතුරේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල හේතු කොටගෙනයි.

මෙම " අවා " පාතාල කල්ලියේ සෑම දෙනෙකුම අත්අඩංගුවට ගැනීම පසුගිය දිනවලදී ආරක්ෂක අංශයන් පියවර ගනු ලැබුවා.