පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අධිකරණ තීන්දුව නිකුත්වෙයි ! - විස්තරය මෙන්න | Colombocall පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අධිකරණ තීන්දුව නිකුත්වෙයි ! - විස්තරය මෙන්න - Colombocall

Hot News

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අධිකරණ තීන්දුව නිකුත්වෙයි ! - විස්තරය මෙන්න





පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම් විභාගය මේ වන විට අවසන් කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට අනුකුලව නොවන සිදුවීමක් බවට තීන්දු කෙරුණා. තවද එම තීන්දුව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියොගයක් ද පනවා තිබෙනවා.

මෙයට අදාළ පෙත්සම් 13ක් අගවිනිසුරු නලීන් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන යන මහත්වරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඊයේ (12) විභාගයට ගැනුණා.

මෙලෙසකට පුරා දින දෙකක් තිස්සේ පැවැති මෙම කරුණු සලකා බැලීම්වලදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් මෙන්ම නීතිපතිවරයා සහ මැදිහත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කීපදෙනෙකුද අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියා.

මෙම නඩු තීන්දුවේ ප්‍රකාශය ලබා දීම සවස 05 ආරම්බ කෙරුණු බවයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රකාශ කර සිටියේ.

මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මාන්ත්‍රීවරුන් විවිධ රටවල් වල තානාධිපති වරු ඉන්දීය නීති විශාරදයන් මෙන්ම තවත් නීති ශේත්‍රයට අදාල බොහෝ පිරිසක් සහභාගී වී සිටියා.