ෆොන්සේකාට එරෙහිව නාමල් කුමාර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහය පතයි | Colombocall ෆොන්සේකාට එරෙහිව නාමල් කුමාර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහය පතයි - Colombocall

Hot News

ෆොන්සේකාට එරෙහිව නාමල් කුමාර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහය පතයි





හිටපු අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉකුත්දා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදු කරන ලෙස දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රබල පාතාල නායකයෙකු ලෙස හැඳින්වෙන මාකඳුරේ මදූෂ් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉකුත්දා කියා සිටියේ රුපියල් මිලියන 3,000 ක් ගෙවා මාකඳුරේ මදූෂ්ගෙන් තමන් ඝාතනය කරන බවට හඩ පටයක් ලබා ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවයි.

මෙයට ප්‍රතිචාර දක්වමින් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර කියා සිටියේ මෙවන් ප‍්‍රකාශ සිදුකරන හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා තවදුරටත් ෆීල්ඞ්  මාර්ෂල් ධුරයේ කටයුතු කිරීම සුදුසු නොවන බවයි.