නිදහස් පක්ෂයේ විශේෂ සාකච්චාව අද | Colombocall නිදහස් පක්ෂයේ විශේෂ සාකච්චාව අද - Colombocall

Hot News

නිදහස් පක්ෂයේ විශේෂ සාකච්චාව අද





ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය පිලිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් අද (13) කොළඹ ප්‍රදේශයට කැඳවා ඇත.

මහ මැතිවරණය සඳහා තරගවදින ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීම මෙහි ප්‍රධාන අරමුණ වශයෙන් දැක්වෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ සාකච්චාවක් සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරු 5.00ට පමණ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කියා සිටියා.