මුස්ලිම් කොන්ග්‍රසයෙන් අවසන් තීරණයක් ! විස්තරය මෙන්න | Colombocall මුස්ලිම් කොන්ග්‍රසයෙන් අවසන් තීරණයක් ! විස්තරය මෙන්න - Colombocall

Hot News

මුස්ලිම් කොන්ග්‍රසයෙන් අවසන් තීරණයක් ! විස්තරය මෙන්න









කවර පාර්ශ්වයකට සහාය ලබාදෙනවාද යන්න පිළිබඳ අවසන් තීරණය අද (05දා) ගන්නා බව රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.

එම කොංග්‍රසයේ මහ ලේකම් එස්. සුබහීර් මහතා පැවැසුවේ පක්ෂයේ ඉහළ පෙළ නායකයන්ගේ රැස්වීමක් අද පැවැත්වීමට නියමිත බවත් එහිදී තමන් කවර පාර්ශ්වයකට සහාය දක්වන්නේද යන්න තීරණය කරන බවත්ය.

මේ අතර පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වන එස්.එම්. මොහොමඩ් ස්මයිල් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබුණු බවද පසුව පක්ෂයේ අවසන් තීරණය තෙක් එය කල් දැමුණු බවද ඔහු සඳහන් කළේය.

සුබහීර් මහතා වැඩිදුරටත් පැවැසුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන පාර්ශ්ව හා සිය කොංග්‍රසය අඛණ්ඩව සාකච්ඡා පවත්වමින් සිටින බවයි.