"ඥානසාර" හිමිට ජනාධිපති සමාව ! "බොදු බලසේනා" හිමිවරුන් මහත් සතුටකින් ! | Colombocall "ඥානසාර" හිමිට ජනාධිපති සමාව ! "බොදු බලසේනා" හිමිවරුන් මහත් සතුටකින් ! - Colombocall

Hot News

"ඥානසාර" හිමිට ජනාධිපති සමාව ! "බොදු බලසේනා" හිමිවරුන් මහත් සතුටකින් !






වසර 6ක සිර දඬුවමක් විදිමින් සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට  ජනාධිපති සමාව ලබා දීමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව එම සංවිධානයේ භික්‍ෂුන් වහන්සේලා කියා සිටිනවා.

ඥානසාර හිමියන් නිදහස් කරන්නැයි ඉල්ලමින්  ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ විරෝධතාවයෙන් පසු ජනාධිපතිවරයා මුණ ගැසීමට අවස්ථාව ලත් හිමිවරුන්  සාකච්ඡාවෙන් පසු මේ බව  කියා සිටියේ මහත් සතුටකින්.

  මේ අතර ඊයේ දිනයේ විරෝධතාවයේ යෙදුනු භික්ෂූන් වහන්සේලාට කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරන ලද්දේ තම අනුදැනුමකින් තොරව බවත් ඊට වගකිව යුකත්තන් ගැන පරීක්‍ෂණ කරන බවත් ජනාධිපතිවරයා සදහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් ලබන සතිය ඇතුලත ඥානසාර හිමියන්ට අනිවාර්යෙන්ම ජනාධිපති සමාව ලැබෙනු ඇතැයි එම සංවිධානයේ බොහෝ පිරිසක් කියා සිටිනවා.

එමෙන්ම නැවත ඥානසාර හිමි පැමිණි විගස රටේ  සැලකිය යුතු වෙනසක් සිදු කිරීමට ද බලාපොරොත්තුවෙන් සිටින බව ඔවුන් වැඩි දුරටත් කියා තිබෙනවා.