රටම ලේ විලක් නොකර වහාම පාර්ලිම්න්තුව කැඳවන්න ! සජිත්ගෙන් ජනපති සිරිසේනට සැර ප්‍රකාශයක් | Colombocall රටම ලේ විලක් නොකර වහාම පාර්ලිම්න්තුව කැඳවන්න ! සජිත්ගෙන් ජනපති සිරිසේනට සැර ප්‍රකාශයක් - Colombocall

Hot News

රටම ලේ විලක් නොකර වහාම පාර්ලිම්න්තුව කැඳවන්න ! සජිත්ගෙන් ජනපති සිරිසේනට සැර ප්‍රකාශයක්





අද වන විට දේශපාලනයේ අඳුරුතම යුගයට පැමිණ තිබෙන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගැසීමෙන් නව ආණ්ඩුවක් නීති විරෝධි ලෙස පත් වීම මුළු මහත් රටම පිළි නොගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස කියා සිටිනවා.

පවතින දේශපාලන වාතාවරණය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට අද (07) අරලියගහ මන්දිරයේ දී එක්සත් ජාතික පක්ෂයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් දක්වා සිටියා.

මේ තත්වය හේතුවෙන් මාතෘ භූමියම අනතුරට ලක් ව ඇති බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා. එමනිසා රටේ රජයකට ඇති පිළිගැනීම ජාත්‍යන්තරය තුළ අහිමි වීමේ තත්ත්වයට මේ අවස්ථාවේ මුහුණ පා සිටින බවද කියා සිටියා.