අතීතයේ සිටම ලෙන්ගතු ජපානයේ ඇස ලංකාව දෙසට යොමුවේ !
මෙරට වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව ජපානයේ ද අවධානය යොමුව තිබෙනවා.
ශ්රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඇතුළු හටගෙන ඇති දේශපාලන අර්බුදය පිළිබඳව ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ දිගුකාලීන මිතුරෙකු ලෙස ජපානය ඉතා විමසිල්ලෙන් පසුවන බවයි ජපානයේ විදේශ කටයුතු අමාත්යංශය පවසන්නේ.
ඔවුන් මේ බව පවසා ඇත්තේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.
රටෙහි නීතියට අනුව යමින් ශ්රී ලංකාව තුළ ස්ථාවරත්වයක් ඇති වෙතැයි තමන් අපේක්ෂා කරන බව ද ජපානය නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.