මෛත්‍රී මහින්ද එන්නේ මල්වට්ටියෙන් ! ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ නමින් නව හවුලකින් ! | Colombocall මෛත්‍රී මහින්ද එන්නේ මල්වට්ටියෙන් ! ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ නමින් නව හවුලකින් ! - Colombocall

Hot News

මෛත්‍රී මහින්ද එන්නේ මල්වට්ටියෙන් ! ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ නමින් නව හවුලකින් !









හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව පිහිටුවීමට යන දේශපාලන පෙරමුණ සම්බන්ධයෙන් අවසන් සාකච්ඡා මේ වන විට සිදු කෙරෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

වාර්තා වන අන්දමට එම පක්‍ෂ දෙක හා සෙසු පක්‍ෂ ගණනාවක් එක් වී පිහිටුවන නව පෙරමුණේ නම ලෙස යෝජනා වී ඇත්තේ  ශ්‍රී  ලංකා නිදහස් පොදුජන පෙරමුණ’ යි.

මේ සඳහා වන මැතිවරණ සලකුණු ලෙස ‘මල’ හෝ ‘මල් වට්ටිය’ යොදා ගැනීමට සාකච්ඡා මට්ටමේ පවතින බවද වාර්තා වේ.

කෙසේ හෝ පිහිටුවන නව පෙරමුණේ විධායක සභාවේ  සාමාජික ප්‍රමානයෙන්  52%ක පමණ ප්‍රමාණයක්  ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණටත් ඉතිරි 48% ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාත්‍රන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙල උරුමය ආදී සෙසු පක්‍ෂ අතරේ බෙදී යාමට නියමිත බවද කියවේ.